Skip to main content

Posts

Showing posts from April, 2021

අරුම පුදුම වෙද නලාව!

මගේ අවුරුදු දෙක හමාරේ පුතුට ඊයේ doctor කිට් එකක් තෑගි ලැබුණා. ඉතින් ඒකෙ තියෙන සෙල්ලම් වෙද නලාව කනේ ගහන් එයා 'doctor' වෙලා.  මේ වයසේ දී පොඩ්ඩන් ට role play සෙල්ලම් ගොඩක් වැදගත් බව සහ, ඒවා වලට වැඩිහිටි අය අවම වශයෙන් මැදිහත් වෙන තරමට හොඳ බව මම ළගකදී කියෙව්වා. ඒකට හේතුව විදියට තිබුනේ වැඩිහිටි අපි නිතරම හිතන්නේ කොටුවක් ඇතුලේ, නැත්නම් පුංචි රාමුවක් ඇතුලේ. ඒත් පොඩ්ඩන්ගේ පරිකල්පනයේ රාමු ඊට වඩා ගොඩක් ලොකු දුරකට විහිදිලා තියෙන්නේ. අපි එයාලගේ සෙල්ලම් ගෙවල් අස්සට ගිහින් ඒවා ට උපදෙස් දෙන්න ගියාම එයාල නිකම්ම අපේ රාමුවට කොටු වෙන බව තමයි ඒ ලිපියේ තබුනේ. Photo by  Patty Brito  on  Unsplash ඉතින් මම පුතුට doctor චරිතය දීල, වෙද නලාව කනේ පැළඳ ගන්න හැටි සහ ලෙඩ උන කෙනාගේ පපුව ට ඒක තියල ලප් ඩප් සද්දේ අහන්න කියල කියා දීල පැත්තකට වෙලා හිටිය.  doctor ළගට යන්නේ ලෙඩ උනාම කියල එයා දන්නවා. හැබැයි පහුගිය අවුරුද්දේ corona නිසා වැඩිපුර තිබුනේ video call හෝ voice call හරහා doctor appointments. මම හිතන්නේ එයා වෙද නලාව ඇත්තටම පාවිච්චි වෙන හැටි දැකල ඇත්තේ ලගකදී නම් සැරයක් හෝ දෙසැරයක්.  ඔන්න ඉතින් එයා පටන් ගත්ත වෙද