Skip to main content

Posts

Showing posts with the label චිත්‍රපටි

සිත් ගත් සිනමා රූ: දේවදුත නගරයේ සිට න්‍යාසය දක්වා ~ From City of angels to the Matrix

කුඩා කාලයේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටි බලන නිසා අද වන විට මතකයේ රැඳුණු සුන්දර සිනමා පටි රැසක් තියෙනවා. ඒවායින් ටිකක් ගැන පොඩි සටහනක් තමයි මේ. මේ තියෙන්නේ මම කැමතිම චිත්‍රපටි වල කැමතිම රූප රාමු ටිකක්... Movie : City of Angels චරිත : සෙත් - දේව දුතයෙක් , මැගී - ශල්‍ය වෛද්‍යවරියක් රූප රාමු කතා බහ - සෙත් : ඕක මොන වගේද? මැගී පෙයාර්ස් ගෙඩිය ප්‍රශ්නාත්මකව පෙන්වයි සෙත් : ඒක මොන රහද? විස්තර කරන්න ඒක ..හෙමින්ග්වේ වගේ. මැගී : ඒක හරියට... පෙයාර්ස් රහයි! ඔයා දන්නේ නැද්ද පෙයාර්ස් වල රහ? සෙත් : මම දන්නේ නැහැ ඔයාට පෙයාර්ස් රහ දැනෙන්නේ මොන විදිහටද කියල මැගී : පැණි රහයි...යුෂ සහිතයි...දිවට මෘදු යි, පුංචි කැටිති වගේ තියෙනවා...හරියට නිකම් සීනි රහ වැලි කැට කටේ දිය වෙනවා වගේ *********************************************************************************** Movie : The English Patient  චරිත :  අල්මාශි (හංගේරියානු ජාතික සිටුවරයෙක් සහ සිතියම් තනන්නෙක්) කැතරින් (ඉංග්‍රීසි ජාතික). දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුවක්. රූප රාමු කතා ...

හිට්ලර් අප හැර ගියේය - අහෝ දුකකි ඉරකි තිතකි!

හිට්ලර් යනු මා සිටිනා විශ්ව විද්‍යාලයේ ප්‍රසිද්ධ පොරකි. එහෙත් ඔහු කවුද කින්ද මන්ද කියා කවුරුත් දන්නේ නැත. ඔහු පොරක් වන්නේ විශ්ව විද්‍යාලයේ රහස් බාගැනීමේ ජාලයේ ටෙරා බයිට් විසි පහක් පමණ වැඩිම අන්තර්ගතයක් බෙදා ගෙන සිටි නිසාය. සිංහලෙන් කියනවා නම් ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකේ වැඩිම කන්ටෙන්ට් එකක් තිබ්බේ ඔහුගේය. එය රහස් බාගැනීමේ ජාලයක් වන්නේ බුද්ධිමය දේපල නීති ක්‍රියාත්මක වන මේ රටේ චිත්‍රපටි, රුපවාහිනී කතා මාලා, පරිගණක මෘදුකාංග ආදිය මෙසේ නිකම් බා ගැනීම තහනම් නිසාය. කැම්පස් එකේ ජාල පරිපාලකවරු නට අසු වුනොත් මෙය වැහෙනවාය. මෙම ජාලය ක්‍රියාත්මක වන්නේ කැම්පස් එක ඇතුලේ පමණි. එසේ හෙයින් මෙයින් වැඩ ගත හැකි වන්නේද විශ්ව විද්‍යාල භූමිය තුල නේවාසිකාගාර වල ඉන්නේ නම් පමණි. එක දිනක් ගොනු බෙදා ගැනීමට ලොග් වන විට හිට්ලර් අපුරු පණිවුඩයක් හැමෝටම පෙනෙන ලෙසට දමා තිබුණි : 'ෆ්‍රී මුවීස් බාගන්න සිස්ටම් එක මොකද්ද කියල කැම්පස් ලයිබ්රි එකෙන් අහන්න තරම් මොලයක් නැති ගොන් හරකුනේ, කැම්පස් ඇවිල්ල වැඩක් නැහැ. ගෙදෙට්ටම වෙලා හිටු!' - [ 'ඩෝන්ට් බී අ f****** ඉඩියට්' ලෙස සුද්ද සිංහලෙන්ම පටන් ග...