Skip to main content

Posts

Showing posts with the label මැටි වැඩ

අන්තවාදය, සංඛ්‍යානය සහ බ්ලොග්

මිනිස්සු වෙලාවකට හරිම අන්තවාදීයි. හැබැයි පුදුම දේ කියන්නේ තමන්ගේ අන්තවාදය නොපෙනී අනිත් අයගේ අන්තවාදය ගැන උඩ පනින එක. හැම ප්‍රශ්නයකම දෙපැත්තක් නෙමෙයි පැති හත අටක් උනත් තියෙන්න පුළුවන්. අර සිංදුවක් තියෙන්නේ 'එක මකුණයි ළමයෝ කන්නේ- ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ' කියලා. ඕවා සිංදුවට කිව්වට මිනිස්සු වැඩ කරන්ඩ ගියාම ඒවා කැලේ. ඔන්න X කෙල්ලෙක්ට හම්බුවෙනවා සල්ලාල කොල්ලෙක්. කොල්ලා කෙල්ලට හොරෙන් තව කෙල්ලෝ හත අටක් එක්කත් සම්බන්ධකම් තියාගන්නවා. ඉතිං ඒවා කෙල්ලට අහු උනාම කොල්ලව අත ඇරලා නිකං ඉන්නේ නැතුව මුළු පිරිමි සංහතියම සල්ලාලයෝ කියලා කෑ ගහන්ඩ ගන්නවා. ඔන්න තව Y කොල්ලෙක්ට කපටි කෙල්ලෙක් හම්බු වෙනවා. කෙල්ල කොල්ලගෙන් පුළුවන් තරම් මාල වළලු ඇඳුම් එහෙම කඩා වඩා ගෙන අන්තිමට වෙන සල්ලිකාරයෙක්ව කසාද බඳිනවා. ඉතිං ඒ කොල්ලත් හිත හදාගෙන නිකං ඉන්නේ නැතුව මුළු ගෑණු සංහතියම වංචාකාරියෝ කියලා උඩ පනින්ඩ ගන්නවා. දැන් මේ X සහ Y දෙන්නටම තියෙන්නේ 'උමං දැක්ම'. අපි උමඟක් ඇතුලෙන් යද්දී ඉස්සරහින් උමං කටේ තියෙන පොඩි වෘත්තාකාර පෙදෙසක් විතරයි පෙනෙන්නේ. එතකොට හිතන්න උමං කට ඉස්සරහින් තියෙන්නේ ලස්සන මල් පඳුරක් කියලා. ...

කන්නාඩි වෙළෙන්දෝ!

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් මොනවා වේවිද? අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි සහ රුපවාහිනී කර්මාන්තය මේ ප්‍රශ්නේ ට උත්තර 'නිපදවමින්' ලාභ ලබනවා! බහුතරයක පිටසක්වළ ජීවීන් මිනිස්සුන්ට වඩා තාක්ෂණයෙන් දියුණු සත්ව කොටසක් හැටියට පෙන්වන්නේ. ඒ වගේම, බොහෝ විට මේ පිටසක්වළ-මිනිස් හමුව ඇතිකරන්නේ අර්බුදකාරී තත්වයක්. සිනමාවේ විතරක් නෙවෙයි, සමහර විද්‍යාඥයන් පවා හිතන්නේ පිටසක්වළ-මිනිස් හමුවෙන් විශාල ගැටුම් ඇතිවෙන්න පුළුවන් බවත් ඒ ගැටුම් වලින් මිනිස්සු පරදින්න පුළුවන් බවත්. image source: http://24.media.tumblr.com/c8591bbe160e7320445a243340faf0c5/tumblr_moebshgd6M1sqfr06o1_250.gif ස්ටීවන් හෝකින්ස් කියන්නේ මෙහෙම: පිටසක්වළ-මිනිස් හමුවත් කොලොම්බස් ඇමෙරිකාවට ගොඩබැස්ස වෙලේ රතු ඉන්දියානුවන් හමුවීම වගේ වෙන්ඩ පුළුවන්. ඒ හමුව රතු ඉන්දියානුවන්ට හොඳක් කළේ නැහැ නෙ. ["If aliens visit us, the outcome would be much as when Columbus landed in America, which didn't turn out well for the Native Americans," he said. http://news.bbc.co.uk/2/hi/8642558.stm ] ඒත් ඇයි අප...

ආදර භූතයා

ගොඩක් අය 'භූතයන්ට' භයයි නේ. දැන් ඔය සමහර ඉඩම් වලට ගෙවල් වලටත් 'භූත දෝෂ' කියන ඒවා තියෙනවා කියල සමහර යට හරි හරි ප්‍රශ්න වෙනවනේ. හැබැයි  'බහුභුතයෝ' ඊට වෙනස්. බහු භූතයා කියන්නේ නිකම් 'ජෝකර්' කෙනෙක්ට වගේ නේද? සමහර මෝඩ චාටර් වැඩ කරන අයට 'මොන බහුබුතයෙක්ද' කියල බනිනවා ඇහිලා තියෙනවා. ඒ උනාට කාට හරි හම්බ වෙලා තියෙනවද ' ආදර භූතයෙක් '? :D :D මේ ආදර භූතයා මට හම්බු උනේ ඉස්කෝලේ යන කාලේදී. මට මතක හැටියට මම දහය වසරේ විතර. අපේ ඉස්කෝලේ තියෙන ප්‍රධාන හෝල් එකේ පොඩි කොරිඩෝර් එකක් වගේ කෑල්ලක් තියෙනවා...මම හිතන්නේ එක අර වේදිකාව යටින් යන හිස් ඉඩක් වගේ එකක්. ඔය passage ways, dressing room එකටත් සම්බන්ධයි. හෝල් එකේ මේ පැත්තෙන් රිංගුවාම අනෙක් පැත්තෙන් මතු වෙන්නේ. පොඩ්ඩක් අවුල් වගේ නම් වේදිකාව යටින් යන පොඩි බිම් ගෙවල් පද්ධතියක් වගේ එකක් මවාගන්ඩකො. මම හිතන්නේ auditorium හෙවත් ශ්‍රවනාගාර වල එහෙම තමයි හදන්නේ. මේ පින්තුරේ යට දකුණු කෙලවරේ තියෙන්නේ වේදිකාව යටින් යන චුටි උමගක් වගේ ඒවා... image from :http://www.videoccasions-nw.com/history/cst/audiview.gif ...

බාර්බී ඩෝල් සින්ඩ්රෝම් : කසාදයට බාර්බී කෙනෙක්

මේක ලියන්න හිතුනේ සොසී අක්ක ගේ මුණු පොතේ තිබ්බ දෙයක් දැකලයි. මේ තියෙන්නේ ඒ ස්ටේටස් එක (සොසී අක්ක විරුද්ධ නොවේ යයි හිතනවා) : කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් අහනවා. “ඔයා බඳින්න හොයන්නේ මොන වගේ කෙල්ලක් ද කියලා.එතකොට එයා කියනවා. විවාහයට මං හොයන්නෙ හොඳ ලස්සන කෙල්ලෙක් කොණ්ඩය දිග හීනි දිගැටි සුදු ලස්සන කෙල්ලෙක් කෙල්ල ගෙ ඇස් වල ට උනන කඳුළු සඟවන ගමන් ඇය හිමීට හිනා වෙනවා. ම‘සිත උපන් ආලය ගැන කියා ගන්න මත්තෙන් දුරස්‍ වුනෙමි සඟවා නෙතු කඳුළු පියන් අස්සෙන් ඕකේ ඉන්න කොල්ල ට ගැලපෙන්නේ අපි හැමෝම දන්නා බාර්බී ඩෝල් කෙනෙක් කියල තමා මට නම් හිතෙන්නේ. ඇයි ඉතින් බාර්බිත් උසයි, සුදුයි, හීනියි. කොන්ඩේ දිගයි. හරිම ලස්සනයි. හදවතක් නම් නැහැ. මොළය කුත් නැහැ. එත් ඉතින් Requirement spec එකේ ඒවා තිබුනේ  නැහැනේ! ඉතින් මොකද? කෙනෙක් අහවි. නැහැ බාර්බී (හෝ කෙන්) ඩෝල් කෙනෙක් හොයා ගෙන කසාද බඳින එකේ කිසිම අවුලක් නැහැ. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත. හැබැයි අවුල තියෙන්නේ මෙතන. මම දැකල තියෙනවා බාර්බී ලා (පිරිමි ළමයි), කෙන් ලා (ගැහැණු ළමයි) එක්ක ඉඳල, ඊට පස්සේ එයාලට චෝදනා කර කර නහයෙන් අඬන ය. මේ චෝදනා පත්තරේ පහත ඒව...

Why do some people speak in code?

Seriously people. As far as I am concerned, language is there to communicate. That is, to make people understand you. Oh I have nothing against people who use acronyms. No, this is about people who almost tell you something, while looking as if they mean something else, and then say something utterly incomprehensible. And then when asked to explain them selves, they will smile in an infuriating way, and say No, they didn't really mean anything by it. huh? didn't really mean anything? then why did you go to all that length to say it mate? Moronness overload. It's no use pretending to be coy , because I can tell when you're lying. Unfortunately, I ain't no Sookie Stackhouse and cannot read your mind. So although I know that you're lying, I don't know why you're lying. I wish people would just be honest and say what they mean and mean what they say. The world would be a much better place. PS : Sookie picture from here .

ෆෝම් පිරවිලි - අවාසනාවකට ඇත්ත කතාවක්

From PhD Comics (පේන්නැද්ද? චුට්ටක් ලොකු කරලා බලන්නක) මට මේ ලෝකේ තියෙන කම්මැලිම වැඩක් තමයි පතරංග ජාතක වගේ තියෙන ෆෝම් පුරවන එක. ඒ උනාට අවාසනාවකට මට පහුගිය සති කීපෙම ෆෝම් පුරවන එක ඇරෙන්න වෙන වැඩක් තිබුනෙම නැහැ. කැන්ගරු සංගණනය සහ ජාත්‍යාලේ ඔන්න මේකෙන් තමයි මේ ෆෝම් සෙල්ලම පටන් ගත්තේ. දැන් ඉතින් හිතාවිද දන්නේ නෑ මේක කන්ගරුවෝ ගණන් කරන එකක් කියල. මේ කියන්නේ කැන්ගරු රටේ තිබිච්චි ජන සන්ගනනේ ගැන හොඳේ.  ලංකාවේ වගේ කට්ටි පනින්නත් බැහැ. පුරවල දුන්නේ නැත්තම් එකසිය ගානට දඩ. රුපියල්ද ? ඩොලර්නෙ... අලි වගේද හරක් කිව්වලු. මේක පුරවන්න තිබුනේ අගෝස්තු 9. ඔන්න ඉතින් දිනේ ලං වෙනකොට කැන්ගරු ලන්තේ ඉන්න අපේ කට්ටියගෙන් ඊ මේල්, ටෙක්ස්ට් එන්න ගත්තා ෆෝම් එකේ අර ප්‍රශ්නෙට  'සිංහල' කියල මතක ඇතුව දාන්න - මේ ප්‍රශ්නෙටත් 'සිංහල' කියල මතක ඇතුව දාන්න - අරකද මේකද කියල. ඒ කිව්වේ සංගණන පත්‍රිකාවේ අහල තියෙනවා 'ඔබේ ආදීතමයා කුමන ජාතිකයෙක්ද', 'ඔබේ මව් භාෂාව කුමක්ද' වගේ ඒවා. බලන්නකෝ ඉතින් ජාත්‍යාලේ නේද. වාහන ලියාපදිංචි වාහනයක් ගන්න එක නම් හරිම ලේසියි මෙහෙ. ඒ කිව්වේ ලංකාවේ වගේ ගණ...

Cold showers in the Autumn

It's system malfunction again in our apartment :( This time, its not just our apartment - but the whole block - which amounts to around 100 units. Earlier last week, smoke started coming out of our oven and when we tried switching on the gas stove, the fuses went off with a bang and the sparks wouldn't come. I guess water had leaked in somewhere and caused a shorting of wires that time... They did provide us with an electric oven with hot plates but hot plates suck. And it eats up electricity as well... So anyway today morning I got up early - well 7.30 am in the Autumn is 'early' for me - since I was planning to make coconut fudge aka 'Pol Dosi' for the new year tomorrow. Made tea and heated up some leftover cheese buns and was happily examining the frozen packet of scraped coconut when I discovered that there was no gas. Lucky for me that I had cooked some curries earlier in the week...But I really wanted to make Pol Dosi :( Mung Kavum (or something that v...