Skip to main content

Posts

Showing posts with the label vesak

නිවන් දකිනා තුරා යාව ජීව සාමාජිකත්වය!

මේ පාරත් වෙසක් දවසෙ සුපුරුදු විදියට සිල් සමාදන් උනා. ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ බුදු රජාණන් වහන්සේ පවා වැඩිය පින්වත් පන්සලකට තමයි ගියේ. අවුරුද්ද පුරාම දුවල දුවල වෙසක් දවසට වත් නැවතිල හති අරින එක හොඳයි කියල හිතනව. ඉතින් හිතට හරි සතුටුයි. අඩු ගාණෙ එදාටවත් භාවනාවක් කළ එක ගැන. හැබැයි පන්සලේදි විටින් විට ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇහුනු දෙයක් ගැන ප්‍රශ්නයක්. ඒ නිවේදනය පන්සලේ දාන සීල සමිතියෙ යාව ජීව සාමාජිකත්වය ගන්න කියල. කිව්ව හැටියට එහෙම ගන්න එක මුලු සංසාරෙ ඉන්නකම්ම ලු. එතකොට මේ භවයෙ සාමාජික උනොත් ඊළඟ භවයටත් ඒක වලංගුද?? සාමාජික කාඩ් එකත් කර්ම ශක්තිය වගේ අරන් යන්න පුලුවන් එකක්ද දන්නෙ නෑ. හ්ම්ම්.. අනේ මන්ද මේ කතා!!