සති අන්තයේදී ලැබුණු අත්දැකීමක් මෙහෙම සටහන් කරන්නේ මට එහිදී ඉගෙන ගත් දේ, සහ අත්විඳුනු දේ මතක තියාගන්න ඕනා නිසාත්, ඒ දේවල් තව එක්කෙනෙක්ට හරි ප්‍රයෝජන වේවි කියාත් සිතෙන නිසාය. එක පෝස්ට් එකකට ලියන්න සිතුවත්, දිග වැඩි වෙන නිසා එක කොටසක් මෙසේ සටහන් කරමි~ ස්ථානය: වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසරබද කඳුකර පලාතක් වන හීල්ස්විල් මෙහි රැස්ව සිටි පිරිස 40 විතර. ඉන් භාගයක් විතර ශ්‍රී ලාංකික. ඉතුරු අය චීන (චීන කියල අදහස් කරන්නේ තායි, බුරුම ආදී 'ඇස හීනි' ජනතාව හැමෝම.) සහ සුදු (ඕස්ට්‍රේලියානු, ජර්මානු, ස්කොට්). මගේ වර්ගීකරණය politically correct නොවෙන්න පුළුවන්. But whatever. :D දේශකයා තමයි ඕස්ට්‍රේලියානු ජාතික 'ජැග්' ස්වාමීන් වහන්සේ. බුරුමයේ පැවිදි උන ථෙරවාද සම්ප්‍රදායේ භික්ෂුවක්. ලංකාවටත් ගිහින් තියෙනවා. ජීවිතේ පලවෙනි වතාවට 'ලංකාවට යාම' 'සුදුසුකමක්' හැටියට කෙනෙක් කීව. අපි සී වී ලියද්දි එහෙම පිටරට අධ්‍යාපනය හෝ පිටරට රැකියා කිරීම 'සුදුසුකමක්' හැටියට සටහන් කරනවා වගේ. :) දේශක කිව්වට උන්වහන්සේ වැඩිපුර කරන්නේ ප්‍රශ්න වල ට පිළිතුරු දෙන එක. සුත්‍ර ආශ්‍රයෙ...
Just some random arrows of thought...