Skip to main content

සඳ දෙව්දුව වඩිනා සරත් මංගල්‍යය අදයි!

ඔන්න ඉස්සර කාලේ ඈත රටක හිටියලු වීර දුනුවායෙක්. එයා ගේ බිරිඳ තමයි සුරූපී චෑන්.
ඉතින් එක දවසක් ඉරවල් දහයක් එක පාරටම අහසේ පායලා... අවු රශ්මිය දරාගන්න බැරුව ඒ රටේ මිනිස්සු හරියට කරදර වුනාලු.
අපේ දුනුවායා වහාම ඉදිරිපත් වෙලා පායපු ඉරවල් නවයක්ම ඊතල විදලා අහසෙන් බිමට දාලා රට බේරාගෙන. මේ වීර ක්‍රියාව දැකල සතුටුවුණ දෙවිකෙනෙක් දුනුවායාට තෑගී කරාලු අමෘතය බඳුනක්.
ඒ උනත් තමන්ගේ බිරිඳ ට පණ වගේ ආදරේ කරපු දුනුවායා මේ අමෘතය නොබී ඉන්න තීරණය කලේ තමන්ගේ ආදරේ නැතිව තමුන් විතරක් අමරණීය වෙලා ඇති වැඩක් නැහැ කියල හිතලයි.
අවාසනාවකට දුනුවායාගේ දුෂ්ට ගෝලයෙක් දැනගන්නවා මේ අමෘත බඳුනේ රහස. ඉතින් එයාට ඕනේ වෙනවා මේ අමෘතය සොරා ගන්න.
දුනුවායා දඩයමේ ගිය වෙලාවක් බලල චෑන් විතරක් ගෙදර ඉන්න වේලාවකදී මේ දුෂ්ට ගෝලයා දුනුවායගේ ගෙදරට පැනලා අමෘතය හොරකම් කරන්න හදනවා. එතකොට චෑන් ඒකට විරුද්ධ වුනාම ගෝලයා ඈට තර්ජනය කරාලු අමෘත බඳුන තමන්ට දෙන්න කියල.
මේ වගේ දුෂ්ට නපුරු මිනිහෙක් අමරණීය උනොත් ලෝකෙට වෙන්න පුළුවන් කරදර ගැන හිතපු අසරණ චෑන්, අමෘත බඳුන වැරදි අතට පත්වෙන්න ඉඩනොදී තමන්ම පානය කරාලු. දුෂ්ට ගෝලයාට බයවුණු ඈ අමෘතයේ බලයෙන් ඒ විගසම අහසට පියාඹලා ගියාලු. අමරණීය වෙච්ච නිසා චෑන් ට තමන්ගේ දුනුවාය එක්ක දැන් ඉන්නත් බැහැනේ...ඒත් ඉන්න කල් හැමදාම දුනුවායව බලන්න වත් ඇත්නම් කියල හිතලා චෑන් තීරණය කරාලු 'හඳ' තමන්ගේ වාසස්ථානය හැටියට තෝරාගන්න.

Image from Wikipedia


පස්සේ තමන්ගේ බිරිඳට වෙච්ච දේ දැනගත්ත දුනුවායත් බොහොම දුක් උනාලු. ඉතින් දුනුවායා කලේ තමන්ගේ ආදරේ චෑන්ට පෙන්වන්න චෑන් වෙනුවෙන් එයා කැමති රස කැවිලි, පලතුරු එහෙම රෑට මිදුලෙන් පෙනෙන්න තියන එකයි....
තමන්ව බේරගත්ත වීර දුනුවායා ටයි එයාගේ බිරිඳටයි වුනු මේ අවාසනාවන්ත සිද්ධිය දැනගත්ත ඒ රටේ මිනිස්සුත් ඒ ගැන ගොඩක් කම්පා වෙලා  කෑම බීම අරන් දුනුවායාගේ නිවසට ගිහින් එයාත් එක්ක චෑන් වෙනුවෙන් කරන මේ කටයුතු වලට සහභාගී උනාලු.

ඉතින් එදා ඉඳන් හැම අවුරුද්දෙම අස්වනු කපලා අරන්, සරත් සමය ඇරඹෙන චීන කැලැන්ඩරේ අටවෙනි මාසේ හැම පසළොස්වක පෝය දාම මිනිස්සු සඳ දෙව්දුව චෑන් ට පුජා පවත්වලා, තමන්ගේ නෑදා මිත්‍රයෝ එක්කල මේ දිනය සමරනවලු.

ඔන්න මේ අවුරුද්දේ සරත් මංගල්‍යය හෙවත් autumn festival එක වැටිලා තියෙන්නේ අද!
 

මේ උත්සවය සමරන්න විශේෂ රස කැවිල්ලක් හදනවා - ඒ තමයි හඳ කැවුම් හෙවත් moon cake.
මේ තියෙන්නේ මගේ චීන මිතුරියක් දුන්නු හඳ කැවුමක්!

මේක හදල තියෙන්නේ නෙලුම් අල තලපයක් මැද්දේ තම්බපු බිත්තර කහ මදයක් බස්සලා. යන්තම් පැණි රසක් එක්කම ලුණු රසකුත් තියෙනවා... සාමාන්‍ය කේක් වගේ නෙවෙයි මේකෙන් හොඳට බඩ පිරෙනවා...මට නම් රසට ආස උනත් එකපාරට ඔක්කොම කාගන්න බැරි උනා...

ම්ම්ම් මේ පින්තුර දැක්කම නම් ආයෙත් හඳ කැවුම් කෑල්ලක් කන්න හිතෙනවා!...එහෙම නම් හැමෝන්ටම සව්භාග්‍යමත් සරත් මංගල්‍යයක් පතමින් මම යනවා චීන තේ කෝප්පයක් එක්ක හඳ කැවුම් කන්න!

Comments

  1. මේකද එහෙනං Moon Cake වල කතන්දරේ? දැකල නං තියෙනව කාල නං නෑ. ඔය චීනගෙ කෑම මම කන්නෙ ටිකක් පරිස්සමෙන්. මොකෝ රස කැවිල්ලක් වගේ පෙනුනත් මොකෙක් හරි සතෙක් වෙන්න බැරි නෑනෙ!

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ 'කේක්' කියනකොට මුහුදුට බඩගිනි වෙයි කියලා.:D:D

      Delete
    2. ඒක නම් ඇත්ත. බෙයිජිං වලදී බන්ස් වගයක් කන්න ගිහින් ඇතුලේ මොනාද කියල අහන්න ඕනේ උනා ...ෆිෂ් කිව්වට තේරෙන්නෙත් නෑ .. ටුනා, සී ෆුඩ් ඔය මොකක්වත් කඩේ උන්ට තේරුනේ නැහැ. මම අහන්නේ මේ කෑමේ ඉන්නේ මොන සතෙක්ද කියල අන්තිමට තේරුම් ගත්ත කඩේ ගෑනු කෙනෙක් මාලුවෙක් පීනන විදිහට රඟපාලා පෙන්නුවා...:D

      Delete
  2. අහවලා චීන අයටත්, චීන කෑමවලටත් කැමති නෑ. මාත් එහෙමයි. :(

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒ ඇයි පොඩ්ඩි?
      මට නම් ඉතින් ඔය කොයි මනුස්සයක් එකයි ... to quote eminem : "I don't care if you're black, white, straight, bisexual, gay, lesbian, short, tall, fat, skinny, rich or poor. If you're nice to me, I'll be nice to you. Simple as that." :D

      කෑම ත් ඉතිං එහෙම්මම තමයි...කට්ටිය නම් කියන්නේ ඇඟේ තරමට නෙවෙයි කෑම කියල :D :D

      Delete
  3. චීන කෑම වගේම තමයි චීන දේශපාලනයත්. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ හදපු කෙනා විතරයි. ඉස්සරහට නම් ඇතුලේ මොනවා තිබුනත් කන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ... දැන් දැන් හැම තැනම කට්ටිය චීන අයට සලකන්න අරන් තියෙන්නේ...වෙන මොකවත් නෙවෙයි මාර සල්ලි තියෙන චීන අය ඉන්න නිසා. බ්‍රෑන්ඩඩ් බඩු මලු පිටින්නේ ෂොපින් කරන්නේ...ඉතිං හැමෝම සැදී පැහැදී සලකනවා. කඩේකට ගියත් මෙනු එකත් දෙනවා මැන්ඩරින් වලින්...

      Delete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World