Skip to main content

Posts

ඇඹුල් පැණි රස ඉස්තෝප්පු මතක

ඊයේ එළවලු පොළේදී ස්ට්‍රෝබෙරි, රුබාර්බ් සහ ඇස්පරගස් ගොඩවල් මැදින් මට හදිසියේ අමු අඹ මහ ගොඩක් හමුවිය! මෙල්බන් හි මට මෙතෙක් ලැබුණු අඹ කහ සහ රෝස පැහැ වටකුරු පැණි රස ඒවා විණි. එහෙත් මා සෙව්වේ මිරිස් සහ ලුණු යහමින් දමා දත් හිරිවැටෙන තෙක් කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... දුරු මිරිස් ගනනට දමා, තෙල් පෑදෙන්නට උයා බත් සමඟ කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... අඹ සහ මම එකිනෙකා හඳුනාගන්නේ බහ තෝරන්නටත් කලින් දකුණු වෙරළ තීරයේ නගරයක උඳුපියලිය වැවුණු ගෙවත්තක දී ය. සුවිසල් නිල් අඹ ගස් එකක් නොව කිහිපයක්ම එහි තිබුණා යන්තම් මතකය. උසස් පෙළ පන්තියේ දී පවා චායාවක් සේ ඉතිරි වී තිබුණු, අඹ කිරි ගෑවී පිච්චුනු පැල්ලමක් දායාද කලේ ද මේ අඹ ගස් විය යුතුය. ආච්චි අම්මා සහ සීයා ගේ කුලරත්න පාරේ නිවස සේම ඒ ආදර අඹ කැළල ද අද මතකයක් පමණි. ආච්චි අම්මා වී වේලන්නේ ඒ නිවස ඉදිරිපස පොර්ච් එක සහ උඳුපියලිය පිටිය මැද සුදු වැලි ඇතිරූ බිම් තීරුවේය. දෙළුම් ගස තිබුණේ පෝර්ච් එක කෙළවර ඉස්තෝප්පුවේ අයිනට ළඟ තැනකය. පසු කලකදී සීයා කිලෝ මීටර තිහක් පමණ ඈතක තවත් වෙරළ අසබඩ නගරයක විසු අප බලන්නට එන විට රැගෙන ආවේ ඒ දෙළුම් ගෙඩි ය. ඒ ඉස්තෝප්පුවේ...

අපි හරි හොඳ යි (ද??)

"අපේ සදාචාරය" ගැන කතාකිරීම තරම් සමහර ශ්‍රීලාංකික අය කැමති දෙයක් තවත් නැත. පැරණි සංස්කෘතිය, සභ්‍යත්වය වැනි වදන් ද මේ හා එකට බැඳී ඇත්තේය.  එහෙත් සැබවින්ම සදාචාරය යනු කුමක්ද? සදාචාරය යනු බාහිර සිරිත්, ඇඳුම් පැළඳුම් යනාදියෙන් මැනිය හැකි දෙයක් ද? නැතහොත් පුද්ගල අභ්‍යන්තරයෙන් මතුවන ජීවන රටාවෙන් පිළිබිඹු වන්නක්ද? හැත්තෑව දශකයේ තරුණියන් බොහෝ දෙනා ඇන්දේ මිනි ගවුම්ය. තරුණයන් බෙල් බොටම් ය. එකල පැවති විලාසිතාවට අනුව එසේ ඇන්දා මිස ඔවුන් ට සදාචාරයක් නැති නිසා එසේ ඇන්දේ නැත. සියලු රටවලට, ජාතීන්ට, විවිධ සංස්කෘති, සදාචාරය විධි පවතී.  අපේ රටේ සංස්කෘතිය ඉතාම අනර්ඝ යයි අපම කියා ගත්තාට, ලොව වෙනත් රටවල අයට අපේ සංස්කෘතියේ සමහර අංග විකාරරුපී හෝ අප්‍රසන්න හෝ හානිකර ලෙස පෙනෙන්නට පුළුවන. මුසල්මානුවන් එක පිඟානේ බත් කෑම අප්‍රියජනක බව සමහර සිංහල අය පවසති. එහෙත්, අපි බත් මාලු අතින් අනා කෑම යුරෝපයේ හෝ චීනයේ කෙනෙක්ට ඔක්කාරය හදවන තරමට අප්‍රිය වන්නට ඉඩ ඇති බව ඔවුන් නොදනී! බටහිර රටවල කොට ඇඳුම් දකින සමහරු බටහිර සංස්කෘතියේ නිර්ලජ්ජිත භාවයට දොස් තියති. එහෙත්, දෙපතුල දක්වා ම වැසෙන සේ ඇඳුම් ඇඳ ගෙන ගිය...

මගුල් කෑම! : 3 .. පොල්!

<< මෙන්න 1 කොටස   << මෙන්න 2 කොටස  මගුලක් ගන්ඩ හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් කරන්න ඕනේ එකක් තියෙනවා. ඒ තමයි එදාට දෙන්න පෝරුවෙන් බහිද්දී පොල් බිඳින්න මාමා කෙනෙක් හොයාගන්ඩ එක! අදාළ එලෙජිබල් මාමා ට පොල් බිඳලා පලපුරුදු කෙනෙක් නම් ගොඩ. නැත්නම් ඉතින් පොඩි කේස් එකක් තමයි! ඔන්න ඉතින් මං තුමියගේ මාමා ත් උපන් තේකට පොල් බිඳලා නැහැලු. ඊටත් එහා එයා දැන් අවුරුදු ගානක් ඉන්න රටේ පොල් ඇත්තෙත් නැති නිසා සෑහෙන කාලයක් පොල් සමඟ ගනුදෙනු ත් නැහැලු! දැන් ඉතින් මගුල් ගෙදරට කලින් දවසේ අපේ ගෙදර එක ජරමරයයි.  මොකද්ද? ඒ තමා මාමාට පොල් බිඳීමේ කෙටි කාලීන පුහුණුවක් ලබාදීමේ මහා ව්‍යාපාරය!  ඔතන වැඩේ තියෙන්නේ ඔය පොල් ගෙඩිය එක පාරින් බිඳින්න ගහන්න ඕනෙලු. තව පලු දෙකම සමානව ලස්සනට උඩ අතට දෙපැත්තට වෙන්නත් ඕනෙලු.  ඇත්තටම මෙව්වා ඉතින් බොරු විකාර තමයි. ඒත් මාමා දැන් හෙන අවුල්...පොල් ගෙඩිය හරියට බිඳුනේ නැත්නම් හරි නැහැ කියල එයා බයේ.  ඉතින් අපි කොච්චර කිව්වත් කොහොම බිඳුනත් කමක් නෑ කියල එයාට ඕනේ උනා පොඩි ප්‍රැක්ටිස් පාරක් දාන්න. [එයා එහෙම තමයි. තමන්ට දෙන වැඩේ අක...

සුභ උපන් දිනක් සුහදේ!

I have been here before, But when or how I cannot tell; I know the grass beyond the door, The sweet keen smell, The sighing sound, the lights around the shore. You have been mine before— How long ago I may not know: But just when at that swallow’s soar Your neck turned so, Some veil did fall, — I knew it all of yore.       Happy Birthday Dearest!

සඳ දෙව්දුව වඩිනා සරත් මංගල්‍යය අදයි!

ඔන්න ඉස්සර කාලේ ඈත රටක හිටියලු වීර දුනුවායෙක්. එයා ගේ බිරිඳ තමයි සුරූපී චෑන්. ඉතින් එක දවසක් ඉරවල් දහයක් එක පාරටම අහසේ පායලා... අවු රශ්මිය දරාගන්න බැරුව ඒ රටේ මිනිස්සු හරියට කරදර වුනාලු. අපේ දුනුවායා වහාම ඉදිරිපත් වෙලා පායපු ඉරවල් නවයක්ම ඊතල විදලා අහසෙන් බිමට දාලා රට බේරාගෙන. මේ වීර ක්‍රියාව දැකල සතුටුවුණ දෙවිකෙනෙක් දුනුවායාට තෑගී කරාලු අමෘතය බඳුනක්. ඒ උනත් තමන්ගේ බිරිඳ ට පණ වගේ ආදරේ කරපු දුනුවායා මේ අමෘතය නොබී ඉන්න තීරණය කලේ තමන්ගේ ආදරේ නැතිව තමුන් විතරක් අමරණීය වෙලා ඇති වැඩක් නැහැ කියල හිතලයි. අවාසනාවකට දුනුවායාගේ දුෂ්ට ගෝලයෙක් දැනගන්නවා මේ අමෘත බඳුනේ රහස. ඉතින් එයාට ඕනේ වෙනවා මේ අමෘතය සොරා ගන්න. දුනුවායා දඩයමේ ගිය වෙලාවක් බලල චෑන් විතරක් ගෙදර ඉන්න වේලාවකදී මේ දුෂ්ට ගෝලයා දුනුවායගේ ගෙදරට පැනලා අමෘතය හොරකම් කරන්න හදනවා. එතකොට චෑන් ඒකට විරුද්ධ වුනාම ගෝලයා ඈට තර්ජනය කරාලු අමෘත බඳුන තමන්ට දෙන්න කියල. මේ වගේ දුෂ්ට නපුරු මිනිහෙක් අමරණීය උනොත් ලෝකෙට වෙන්න පුළුවන් කරදර ගැන හිතපු අසරණ චෑන්, අමෘත බඳුන වැරදි අතට පත්වෙන්න ඉඩනොදී තමන්ම පානය කරාලු. දුෂ්ට ගෝලයාට බයවුණු ඈ අමෘතයේ බලයෙන් ඒ විගසම අහසට...

හොඳ බිරිඳක්\සැමියෙක් හොයනවද?

බිරිඳක් හොයාගන්න එක මේ දවස්වල මේ පැත්තේ තියෙන දැවෙන ප්‍රශ්නයක්!... නිකම්ම නිකම් බිරිඳක් වැඩකුත් නෑනේ. 'හොඳ බිරිඳක්' වෙන්නත් ඕනෙනේ. ඔන්න දැන් මේ පැත්තේ ත් අර 'The Bachelor' හෙවත් 'තනිකඩයා' ෂෝ එක පටන් ගත්තා. මේකත් අර සුපර් ස්ටාර් වගේ රියැලිටි ෂෝ එකක්. මෙන්න මේ 'තනිකඩයා' ට කෙල්ලක් සෙට් කරගන්න එක තමයි මේ ෂෝ එකේ අරමුණ. Source: Google images ෂෝ එක මුලදී කෙල්ලෝ 25 ක් එක්ක තමයි පටන් ගන්නේ. ඊට පස්සේ වටයෙන් වටය කෙල්ලෝ කැපෙනවා. අන්තිමට ඉතුරු කෙනා තමයි ඔය තනිකඩ කොලුවා ගේ තෝරා ගැනීම! අපේ පොඩි කුමාරිහාමි ත් ලඟදි අමාරුවේ වැටුනනේ... ඉතින් එයාත් මේ කසාද ජීවිතේ ගැන ලියල තිබුනා . එතෙන්දි කීප දෙනෙක්ම 'හොඳ බිරිඳක්' වෙන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ දේ ගැන කියල තිබුනත් 'හොඳ සැමියෙක්' වෙන්න නම් මොනවා කරන්න ඕනෙද කියල තිබුනේ නෑ :(   පුතෙක් ට හොඳ සැමියෙක් වෙන්න අම්ම පුරුදු කරවන්න වටින දේවල් ටිකක් කියල තිබුනේ පොඩ්ඩි විතරයි  ... ඉතින් මට ඇතිවුණු ප්‍රශ්න තමයි: 'බිරිඳ' කියන්නේ උයන්න, රෙදි හෝදන්න, අයන් කරන්න, ඉන්න එක්කෙනෙක්ද? බිරිඳගේ වගකීම් කියල...

කන්නාඩි වෙළෙන්දෝ!

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් මොනවා වේවිද? අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි සහ රුපවාහිනී කර්මාන්තය මේ ප්‍රශ්නේ ට උත්තර 'නිපදවමින්' ලාභ ලබනවා! බහුතරයක පිටසක්වළ ජීවීන් මිනිස්සුන්ට වඩා තාක්ෂණයෙන් දියුණු සත්ව කොටසක් හැටියට පෙන්වන්නේ. ඒ වගේම, බොහෝ විට මේ පිටසක්වළ-මිනිස් හමුව ඇතිකරන්නේ අර්බුදකාරී තත්වයක්. සිනමාවේ විතරක් නෙවෙයි, සමහර විද්‍යාඥයන් පවා හිතන්නේ පිටසක්වළ-මිනිස් හමුවෙන් විශාල ගැටුම් ඇතිවෙන්න පුළුවන් බවත් ඒ ගැටුම් වලින් මිනිස්සු පරදින්න පුළුවන් බවත්. image source: http://24.media.tumblr.com/c8591bbe160e7320445a243340faf0c5/tumblr_moebshgd6M1sqfr06o1_250.gif ස්ටීවන් හෝකින්ස් කියන්නේ මෙහෙම: පිටසක්වළ-මිනිස් හමුවත් කොලොම්බස් ඇමෙරිකාවට ගොඩබැස්ස වෙලේ රතු ඉන්දියානුවන් හමුවීම වගේ වෙන්ඩ පුළුවන්. ඒ හමුව රතු ඉන්දියානුවන්ට හොඳක් කළේ නැහැ නෙ. ["If aliens visit us, the outcome would be much as when Columbus landed in America, which didn't turn out well for the Native Americans," he said. http://news.bbc.co.uk/2/hi/8642558.stm ] ඒත් ඇයි අප...