Skip to main content

අපි හරි හොඳ යි (ද??)


"අපේ සදාචාරය" ගැන කතාකිරීම තරම් සමහර ශ්‍රීලාංකික අය කැමති දෙයක් තවත් නැත. පැරණි සංස්කෘතිය, සභ්‍යත්වය වැනි වදන් ද මේ හා එකට බැඳී ඇත්තේය. 
එහෙත් සැබවින්ම සදාචාරය යනු කුමක්ද?
සදාචාරය යනු බාහිර සිරිත්, ඇඳුම් පැළඳුම් යනාදියෙන් මැනිය හැකි දෙයක් ද?
නැතහොත් පුද්ගල අභ්‍යන්තරයෙන් මතුවන ජීවන රටාවෙන් පිළිබිඹු වන්නක්ද?

හැත්තෑව දශකයේ තරුණියන් බොහෝ දෙනා ඇන්දේ මිනි ගවුම්ය. තරුණයන් බෙල් බොටම් ය. එකල පැවති විලාසිතාවට අනුව එසේ ඇන්දා මිස ඔවුන් ට සදාචාරයක් නැති නිසා එසේ ඇන්දේ නැත.

සියලු රටවලට, ජාතීන්ට, විවිධ සංස්කෘති, සදාචාරය විධි පවතී. 

අපේ රටේ සංස්කෘතිය ඉතාම අනර්ඝ යයි අපම කියා ගත්තාට, ලොව වෙනත් රටවල අයට අපේ සංස්කෘතියේ සමහර අංග විකාරරුපී හෝ අප්‍රසන්න හෝ හානිකර ලෙස පෙනෙන්නට පුළුවන.

මුසල්මානුවන් එක පිඟානේ බත් කෑම අප්‍රියජනක බව සමහර සිංහල අය පවසති. එහෙත්, අපි බත් මාලු අතින් අනා කෑම යුරෝපයේ හෝ චීනයේ කෙනෙක්ට ඔක්කාරය හදවන තරමට අප්‍රිය වන්නට ඉඩ ඇති බව ඔවුන් නොදනී!

බටහිර රටවල කොට ඇඳුම් දකින සමහරු බටහිර සංස්කෘතියේ නිර්ලජ්ජිත භාවයට දොස් තියති. එහෙත්, දෙපතුල දක්වා ම වැසෙන සේ ඇඳුම් ඇඳ ගෙන ගියද දුෂණය වන ගැහැණු සිටින ශ්‍රී ලංකාවේ සමාජයේ නිර්ලජ්ජිත භාවය නොදකී! 


from here

සැබැවින්ම සදාචාර යේ බාහිර මිමි ඇති වන්නේ ඒ ඒ සමාජය ට සාපේක්ෂ ව ය. එහෙත් සැබෑ සදාචාරය ඇතිවන්නේ මිනිස් ආචාර ධර්ම හදවතින් දරා ගැනීමෙන් ම පමණි.

දිගු කාලයක් තිස්සේ කරගෙන ආ පමණින් යමක් නිවැරදි වන්නේ නැත.
'අපේ' වූ පමණින් යමක් උතුම් වන්නේ නැත.
'අපි හරි හොඳයි' කියූ පමණින් කිසිවෙක් හොඳ වන්නේ නැත.



ඔය මොනවා තිබුණත්, ඇමෙරිකාව ට කවදාවත් තිබුණෙත් නැති, ඇතිවෙන්නෙත් නැති දෙයක් තියෙනවා අපිට! ඒ තමයි අපේ ඉපැරණි සංස්කෘතියයි සදාචාරයයි! ඒ නිසා අපිව වට්ටන්න කාටවත් බෑ . අපේ රට තමා ලෝකෙන්ම උතුම් ම රට!

නැහැ මම එකඟ නැහැ අපේ රට ලෝකෙන් උතුම් රට කියන එකට. ඒත් ... මම හිතනවා අපිට ලෝකේ උතුම් රටක් වෙන්න හැකියාව තියෙනවා කියල.


කලකට ඉහත ශ්‍රී ලංකාවේ උසස් සංස්කෘතියක්, සදාචාරවන්ත සමාජයක් තිබෙන්නට ඇත. 'තිබෙන්නට ඇතැ' යි කියන්නේ එය මගේ ජීවන කාලයට පෙර තිබුණක් ලෙස මා උපකල්පනය කරන නිසාය.  වර්තමානයේ නම් එහි ඔය කියනා උසස් 'සංස්කෘතියක්' හෝ 'සදාචාරයක්' නැති බව මම කියමි.

එවැන්නක් තිබුණා නම්, වරද දුටු තැන නිවට ලෙස කරබාගෙන සිටින වර්තමාන සමාජය පවතින්නේ නැත! දුෂණ වංචා සිදුවීම සාමාන්‍යකරණය වන්නේද නැත!

කුමන හෝ වැඩක් කරවාගැනීමට නම් 'පගාව' දිය යුතුමය.
තිබෙන ලොකුම ඔරලෝසු බැන්දාට වෙලාවට වැඩක් නම් නැත්තේය.

එහෙත් අවසරයක් ලත් තැන, 'සෝබන සදාචාරය' මවා පාන්නට නම් අති දක්ෂ ය! 


තමන් සිතන පතන සෑම දෙයක්ම නිවැරදි යයි විශ්වාස කිරීමද, අන් අය තමන්ට වඩා පහත් යයි සිතීමද, උසස්  සංස්කෘතික ලක්ෂණ නොවේ. ඒවා මෝඩ කමේ සහ පුහු මානයේ ලක්ෂණ යි!
සත්පුරුෂයා ගේ ගතිය නම්, තම වරද දුටු තැන අනතිමානී ව ඒ වරද පිළිගෙන නිවැරදි කර ගැනීමය.  
ඉදින් කරණීය මෙත්ත සුත්‍රය පාඩම් තිබුණා ට වැඩක් නැත, "සක්කෝ උජූ ච සූජූ ච - සුවචෝ චස්ස මුදු අනතිමානී" පිළිනොපදී නම්!

Comments

  1. ලංකාවේ ඉඳගෙන අපේ එක තමයි උතුම් කියන එක එකක්. ඒත් පිට රට වලට ගිහින්, ඒ රටවල දේවල් බුක්ති විඳ විඳ, ඒ රටවල සිරිත් විරිත් ලංකාවේ දේවල් එක්ක සසඳලා විවේචනය කරන අයත් ඉන්නවා. හරියට කවුරු හරි බලෙන් ඒ රටවලට ගිහින් දාලා වගේ කතාව.

    ඒක නෙමෙයි අර අන්තිමට සඳහන් කරලා තියන කරණීයමත්ත සූත්‍රයේ කොටසේ හරි තේරුම මොකද්ද? අපි දන්නේ 'සක්‍රයා සූදු කෙලින්න ගිහින් අන්තිමේ මුද්දත් උකස් තිබ්බා' කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එහෙම කරන අය මටත් ප්‍රශ්නයක්! ඉන්න බැරි නම් යන්ඩ පුලුවනිනේ බැන බැන ඉන්නේ නැතුව. කුහක කම තමයි.

      //'සක්‍රයා සූදු කෙලින්න ගිහින් අන්තිමේ මුද්දත් උකස් තිබ්බා' // ?? LOL!

      සක්කො = සමර්ථයෙක් වන්න
      උජූ ච= අවංක වන්න (ඍජු)
      සූජූ ච = තමන්ට අවංක වන්න
      සුවචො චස්ස = කීකරු වන්න
      මුදු = මෘදු වන්න
      අනතිමානි = උඩඟු නොවන්න (අධි මානය නැති කරන්න)

      Delete
    2. තිසර ඕ‍කෙ ඉතිරි පද දෙකේ තේරුම නං දන්නවා ඇති නේද.?? :D

      සන්තුස්සකො ච සුභරො ච
      අප්පකිච්චො ච සල්ල හුකවුත්ති

      Delete
    3. අනේ නෑ බං.. මම නං දන්නෙ නෑ.. කියපංකෝ අපිට pls :D

      Delete
    4. @Buratheno
      හපෝ...මට හිතා ගත්ත හැකි :D

      @තිසර
      ආ.. ඔයා බබා :P

      Delete
  2. අපි හරි හොඳයිද? අපි හරි හොඳ නෑ අනේ. :)

    //තිබෙන ලොකුම ඔරලෝසු බැන්දාට වෙලාවට වැඩක් නම් නැත්තේය.//

    එහෙත් කතාව නම් ඇත්තේය.:D

    ReplyDelete
    Replies
    1. හික් කතාව ලැම්බෝගිනි, ගමන මරුටි නැද්ද? :D

      Delete
  3. මේ කතාවට පට්ට ලයික්.

    මට මෙහෙම දෙයක් වුනා පසුගිය ජූලි මාසේ. එවෙලේ මම හිටියේ දියත උයනේ.

    සිදුවීම මෙහෙමයි. මම අර මට තියෙන ගහක් ගලක් දැක්කම එන කොමන් ලෙඩේ හින්දා කිසි දෙයක් මතක නැතිව ස්වභාව සෞන්ද‍ර්ය විඳිනවා. එක පාරට ගහක් අල්ලන්න උඩ පැනලා එතන තිබ්බ සිමෙන්ති බංකුවටත් පැන්නා.
    එහා පැත්තෙන් එක පාරට හයියෙන් කෑගහනවා ඇහුනා. මට කියලා දැක්ක ගමන් මම අත්දෙකම උස්සලා සමාව ඉල්ලනවා.
    මොන මෙන්න ඒ සෙකියුරිටි බවලතා මට බැනගෙන බැනගෙන යනවා. ගැහැනියෙක් වුනාම ඔහොමද හැසිරෙන්නේ, ගස් උඩ පනින්නයි,අරවයි මේවයි දාහක් දේවල් එක්ක එයාට මගේ කල්චර් ඉසූස් ඇවිත්.
    දැන් මට ලැජ්ජයි අර මම සමාව ඉල්ලුවෙත් මෙයාගෙන්ද කියලා.
    අන්තිමට එයාට මම ඇඳන් හිටපු ඇඳුමයි, මගේ උඩ පැනීමයි, මම ගස් ගල් එක්ක යාළුවීමයි ඔක්කොම ගැහැණියකට නොගැලපෙන දේවල් කියලා මගේ අයිතිවාසිකම් නැති කලා විතරක් නෙමෙයි මට දඩ ගහන්නත් පුළුවන්ලු.
    මගෙ ඉවසීමේ සීමාව ඉවරවුනේ පොඩි වෙලාවකින්. එතකොට එයා කියනවා නෝනලගේ ලොකු ටෝක් වැඩක් නෑලු. කොටින්ම මට කතා කරන්නවත් දුන්නේ නෑ. එයාම මට සංස්කෘතික නඩු දාලා මාව වරදකාරයාත් කරලා. මට විත්තිය වෙනුවෙන් පෙනී හිටින්නවත් බෑ.
    මගෙ යාළුවෙක් එතන හිටපු හින්දා ඒ මනුස්සයා මගෙන් ගුටි නොකා බේරුනා. නැත්නම් බේල් කරත් දෙකක් තුනක් ගහලා දියත උයණේම මඩ වලක ඔබලයි මම එන්නේ එදා නම්. මුන්ගේ සංස්කෘතික අච්චාරු මදිවට අපේ නිදහසත් නැති කරනවාට.

    ReplyDelete
    Replies
    1. හපොයි රංගි! මේ කතාව ඇහුවම හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැහැ...
      කොහොමත් අපේ ලංකාවේ සෙකියුරුටි අයගේ ගෑස් අහසටත් උඩයි නේ. මේ විදිහේ self proclaimed සුචරිතවාදීන්ගේ ගෑස් ඔක්කොටම ඉහලයි. එක අතකට ඔන්නොහෙ පවු කියල හිතන්න බුරු බබෝ. ඔතන ගොඩක් වෙලාවට ඉරිසියාවත් තියෙන්න ඇති. ඒ ගෑනු කෙනා ෂුවර් එකටම ලොකු පීඩනේකින් ඉන්නවා ඇත්තේ. කවදාවත් නිදහසේ සිංදුවක් කියල ට්‍රිප් එකක් ගිහිං වත්, තමන් ආස කරන විදිහට ඇඳුමක් ඇඳලා වත් නැතුව ඇති!

      මටත් ඇත්තට දියත උයනේදී පොඩි සීන් එකක් උණා. බඳින්න කලින් දවසක් අපි දෙන්නත් එක්ක ඔතෙන්ට ගියා. දෙන්නටම ලොකුවට ෆොටෝග්‍රෆි පිස්සුව තියෙනවනේ. අපි ෆොටෝ ගන්න කොට හමුදා ඇඳුම් ඇඳ ගත්තු එක්කෙනෙක් ඇවිත් උපදෙස් මාලාවක් දියල ගියා 'සංවර ව ෆොටෝ ගන්න හැටි' කියලා. ඒ කිව්වේ පුටු උඩ නගින්න එපා, කපල් ෆොටෝ ගන්න වනම් උකුලේ උඩ ඉඳ ගන්න එපා වගේ උපදෙස්!! :D :D

      Delete
  4. අපි නං හරී..........හොදයි!!! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හැබැයි සාමාන්‍යයෙන් හොඳ කට්ටිය එහෙම කිය කිය යන්නේ නෑ :P

      එසේම වේවා!

      Delete
  5. මෙන්නෝ! සංස්කෘතිය සදාචාරය විනාශ කරන්ට හදනෝ! බටහිර NGO වලින් සල්ලි අරන් අපේ රට-දැය-සමය විකුනං කන්ට හදනෝ! කෝ මේ බොදු බල සේනාව.!?

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ් කට කට! අන්න නාසා එකෙනුත් පිළිඅරන් ලු ලංකාව 'විශ්ව ශක්තිය' ද මොකද්ද වැඩිම තැන කියල!! :P

      Delete
  6. //////තමන් සිතන පතන සෑම දෙයක්ම නිවැරදි යයි විශ්වාස කිරීමද, අන් අය තමන්ට වඩා පහත් යයි සිතීමද, උසස් සංස්කෘතික ලක්ෂණ නොවේ. ඒවා මෝඩ කමේ සහ පුහු මානයේ ලක්ෂණ යි!
    සත්පුරුෂයා ගේ ගතිය නම්, තම වරද දුටු තැන අනතිමානී ව ඒ වරද පිළිගෙන නිවැරදි කර ගැනීමය.
    ඉදින් කරණීය මෙත්ත සුත්‍රය පාඩම් තිබුණා ට වැඩක් නැත, "සක්කෝ උජූ ච සූජූ ච - සුවච////////

    මේවා බ්ලොග් ලියන අයටත් හොඳ පාඩම්....!


    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නෝ ද මනුෂ්‍යයෝ ය :D

      Delete
  7. නිරෝෂිනී ට ලඟදි සංස්කෘතික පොලිසියෙන් සද්දයක් දැම්මද ?? :D

    ReplyDelete
    Replies
    1. නැහැ අනේ...මම ඉන්න දිහා සංස්කෘතික පොලිසි නෑනේ. මේක මට පුද්ගලිකව කවුරුත් කරපු දෙයක් ගැන නෙවෙයි.

      Delete
  8. මොකක් හරි වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. යමක් ලියන්න නම් යමක් වෙන්නම ඕනෙද?

      Delete
  9. ඔබේ බ්ලොගේ කොහොම මග හැරුනාදැයි දන්නේ නැත. කෙසේමුත් මගෙන් මගහැරී ඇත. අද තමයි ඔබේ අඩවියට පැමිණි පලවෙනි දවස. ඉතා හරවත් ලිපියක්

    "මම එකඟ නැහැ අපේ රට ලෝකෙන් උතුම් රට කියන එකට. ඒත් ... මම හිතනවා අපිට ලෝකේ උතුම් රටක් වෙන්න හැකියාව තියෙනවා කියල"
    අපේ රට උතුම් රටයි කියා කියා ඉන්න ඇයට රටින් එලියට ඇවිත් බලන්න කාලේ හරි කියලා මටත් හිතෙනවා. අපේ රටේ ඉස්සර තිබුණු දේවල් ගැන ලොකු කම් කියවනවා මිසක් අද දෙයක් කරලා පෙන්වන්න පුළුවන් උදවිය අඩු එකයි දුක.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World