Skip to main content

ජනාධිපති සෙල්ලම



දැන් අපි නිතරම රටක් පාලනය කරන හැටි ගැන කතා කරනවනේ. 
ඕකට මෙන්න මෙහෙම නීති ගේන්න ඕනේ. අහවල් ඇමතිව අස් කරන්න ඕනේ. මිනිස්සුන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕනේ. මිනිස්සු රට පනින එක නවත්තන්න ඕනේ. විදේශ ආයෝජන වැඩි කරන්න ඕනේ. දුෂණ වංචා නැති කරන්න ඕනේ. අරකයි මේකයි රටේ නැති ඒවා. :D
ඔන්න ඉතින් මටත් ළඟදී ඉඳන් චාන්ස් එකක් ආව රටක් පාලනය කරන්න!


පහුගිය සති කීපෙ අහම්බෙන් හම්බුණ ගේම් එකක්. ඒකෙ නම තමයි 'ට්‍රොපිකෝ' (Tropico). මට ගේම් ගහන එක ගොඩක්ම දිරවන නෙවෙයි. ඒත් ආස ගේම්ස් කීපයක් තියෙනවා, Age of Empires සහ Spore වගේ. ඒවා නම් රැයක් දවාලක් නැතුව ගහපු ඒවා. සාමාන්‍යෙන් මම කැමති real time strategy ගේම්ස් වලට. 
මේ ට්‍රොපිකෝ කියන්නේ ගොඩක්ම අලුත් එකක් නෙමෙයි. ඒ උනාට ඒක සෙල්ලම් කරන එක සෑහෙන්න ආතල්.


ඒකෙ හැටියට තමුන් උෂ්ණ කලාපික දිවයිනක ජනාධිපති. (නම ට්‍රොපිකෝ කියන්නේ ඒ නිසයි. Tropical island එකක්). 

රට අභ්‍යන්තරයේ ඉන්න එක එක බලවේග බැලන්ස් කරගෙන (ඒ කියන්නේ දේශප්‍රේමියෝ, ධනපතියෝ, සමාජවාදියෝ, පරිසර හිතකාමියෝ, අරුන් මුන් ...), විදේශ බලවේගත් ශේප් කරන් (ඇමරිකාවයි, රුසියාවයි, චීනෙයි, යුරෝපෙයි, මැද පෙරදිගයි ) රටේ ආර්ථිකය නග්ගගෙන බලයේත් ඉන්න එක තමයි ගේම් එක.

මිනිස්සුන්ව සතුටු කරන්න කියල ඕනේ නම් ගොඩක් 'සහන' දෙන්න පුළුවන්. උදාහරණෙකට නොමිලේ නිවාස, බදු සහන වගේ 'වෙල්ෆෙයා' වැඩ. හැබැයි ඉතිං ඒවා දෙනකොට භාණ්ඩාගාරේ හිස් වෙනවා. ඊට පස්සේ රට දුවන්න වෙන්නේ පිටරට වලින් ණය අරන්. ණය බර ගොඩක් උණොත් විදේශ බලවේග කචල් දාන්න ගන්නවා.


ගේම් එක දිනන්න නම්  මොනවා හරි කරලා බලයේ ඉන්න ඕනේ. ඉතින් ඒකට එක එක ක්‍රම තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නියම කාලෙට ඡන්ද තියල ත් පුළුවන්.  නැත්තම් ඒකාධිපතියෙක් වෙන්නත් පුළුවන්. ඡන්දේ තියන්නේ නැතුව ඉන්නත් පුළුවන්. තියල හොර ඡන්ද දාන්නත් පුළුවන්.

හැබැයි රටේ මිනිස්සු න්ගේ 'Happiness Level' එක පහතට ගියොත් කේස්. එතකොට රටවැසියෝ කැරළි ගහන්න ගන්නවා. එතකොට එක්කෝ කරලිකාරයෝන්ගේ ඉල්ලීම් බලල ඒ ප්‍රශ්න විසඳන එක එක ක්‍රමයක්. නැත්නම් කෙලින්ම ලොකු හමුදාවක් හදාගෙන මාෂල් ලෝ දාල කැරැල්ල මර්ධනය කරන්න ඕනේ. එහෙමත් නැත්නම් කැරළි නායකයොන්ට පගා දීල කැරැල්ල ලත් තැනම ලොප් කරන්න පුළුවන්.
ඔය ඔක්කොම කරන අස්සේ තමන්ගේ ස්විස් බෑන්ක් එකවුන්ට් එකටත් කීය කීය හරි දාගන්න පුළුවනි.


මේක ගැන මම හබී එක්ක කියද්දී එයා නම් කිව්වේ 
"ෂුවර් එකටම ඕක ******* තුමා ගහනව ඇති" කියලයි! :D

Comments

  1. අලුත් ගේම් එකක්. මීට කලින් අහලා තිබ්බේ නෑ. ඒජ් වගේ ගති නම් ඉතිං මමත් ගහනවා

    ReplyDelete
    Replies
    1. ඔව්... හැබැයි AOE තරම් හිතට අල්ලපු ගේම් එකක් තාම හම්බු වුනේ නැහැ.

      Delete
  2. Replies
    1. සමහරුන්ට එහෙම තමයි :D . මටත් කාර් රේස් ගේම් ගහද්දි වමනේ යන්න එනවා.

      Delete
  3. හස්බණ්ඩා ගැන කෙලින්ම සඳහන් වුනේ මුලින්ම අද ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මේ කතන්දර ටත් නෝටිස් වෙන දේවල්. :D

      Delete
    2. කකා ඔයා ගැන බලාපොරොත්තු තියන් ඉදලා තියෙන්නේ.... මේක දැක්කම ෂොක් වෙලා....

      Delete
  4. මේක නිකම් අපේ මහින්ද මාමා සෙල්ලම් කරන ගේම් එකක් වගේමනේ.
    මම මේදවස් වල හිටි ගමන් පාන්දර එකට දෙකටත් ගේම් ගහනවා. සීතල කාලෙට ලේසියෙන්ම ඇඩික්ට් වෙන දේ තමයි ගේම්ස්.

    ReplyDelete
    Replies
    1. අනිවා. addict වෙන එක තමයි නරක. මට පොතක් ගත්තත් ඕක තමයි වෙන්නේ. පොඩි කාලේ මල්ලි එක්ක හවුලේ ගේම් ගහපු හැටිත් මතක් උනා...මතකද මුල්ම ප්‍රින්ස් ඔෆ් පර්ශියා ගේම් එක?

      Delete
    2. ඇයි king of miracle-land ගේම් එක?

      Delete
    3. ඒක නම් ප්ලේ කරලා නැහැ... ඉස්සර තිබුනා NetStorm කියල එකක්... RTS සහ tetris ගතියකුත් තියෙන...දැන් හොයාගන්න නැහැ :(

      Delete
  5. රටේ පාලනය අතට ගන්න හැටි පුරුදුවෙන්න ගේම්ස් නැද්ද? මට නෙමේ.. විරුද්ධ පක්ෂ නායකට හෝ වෙන කාට හරි කෙනෙකුට එකක් අරන් දෙන්න. ඒකයි ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්නකෝ මම එහෙම ගේම් එකක් හදන්නයි යන්නේ. මාකට් එකක් තියෙයිද? :D

      Delete
  6. අපි දැන් සෙල්ලම් කරන්නේ ඇත්තටම... :D

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ? පොඩ්ඩි ඡන්දේ ඉල්ලන්නද හදන්නේ?

      Delete
  7. මමත් කැමැතිම RTS games වලට තමා.. ඒ දවස්වල රැයක් දවාලක් නොබලා AOE, AOK ගහපු හැටි මතක් වෙනවා.. හැබැයි දැන්නං කාලෙකින් game එකකට අත තියලා නැහැ.. :-D

    ReplyDelete
    Replies
    1. මාත්!...ඒ සීරීස් එකෙන් මම ආසම Age of Mythology... එකේ අන්තිමටම ආවේ Age of Explorers නේද? මම ඉතිහාසය සහ විශේෂයෙන් Medieval warfare ගැන සෑහෙන්න ඉගෙන ගත්තා ඕව ගහන්න ගිහින්...(හැබැයි ඕවයේ තිබ්බේ බොරු නම් ඉතින් මම ඉගෙන ගෙන තියෙන්නේත් බොරු තොගයක් :D :D )

      Delete
    2. මමනං වැඩියම කැමැති වුනේ AoE & AoK දෙකට, මොකද මං ඉතිහාසයට ආස නිසා.. මේ ගේම්ස්වල තිබුනෙ බොරු නෙවෙයි, ඇත්තටම ඉතිහාසයේ හිටපු උදවිය, සිද්ධවුන සිදුවීම්.. මතකද AoE එකේ තිබුන missions.? Return to Nineveh, Yamato clan fights, පියුනික් යුද්ධ, එතකොට සීසර්ගේ Britain expedition එක එහෙම.? එතකොට AoK එකේ විලියම් වොලස් , William the Conqurerගේ ආක්‍රමණ, ෆෙඩ්‍රික් බාබරෝසා, සැලඩින්.? මේ හැමදේම ලිඛිත ඉතිහාසයේ තියෙන දේවල්..

      පස්සෙ කාලෙක ආපු වෙනත් RTS games වලට වඩා 'Age of' series එක ජනප්‍රිය වෙන්ට මේකත් හේතුවක් වෙන්ටැති.. නිකම්ම කතාවක් ගොතනවට වඩා ඇත්ත සිදුවීම්, ඇත්ත පුද්ගලයො ඉතිහාසයෙන් අරන් game එකක් develop කරන එක ලේසි වැඩක් නෙවෙයි..

      Delete
    3. ඔව් ඔව් මට ගොඩක් ඒ campaings මතකයි තාමත්. විලියම් වොලස් තිබුණේ ට්‍රේනිං කැම්පේන් එකට...සැලඩින් ගේ එපිසෝඩ් එකක් තමයි මට වැඩියෙන්ම අමාරු උනේ.
      ඒවා පදනම් උනේ සැබෑ පුද්ගලයින් මත තමයි. ඒත් මම අදහස් කරේ, ගේම් එකට ගැලපෙන්න එයාල ඒ සිද්දි ටිකක් හරි වෙනස් කරන්න ඇතිනේ. historical ෆිල්ම්ස් හදද්දීත් එහෙම වෙනස් කරන්නේ...ඒ වගේ. උදාහරණෙකට විලියම් වොලස් පදනම් උණු braveheart ෆිල්ම් එකේ factual errors තියෙනවා කියනවනේ. :)

      Delete
    4. බුරතීනෝ ට මතකද මන්දා, ඕකේ තිබුණා මාර ජොලි cheat code එකක්: how do you turn this on කියල. ඒක ගැහුවම නිල් පාට කාර් එකක් එනවා. කොහොමද අශ්වාරෝහකයෝ මැද්දේ කාර් එකක් යනකොට. :D

      Delete
    5. ඒක නං ඇත්ත.. කතාවෙ රසය වැඩි කරන්ට කියලා ලුණු-ඇඹුල් ටිකක් අතින් දාලා චුට්ටක් ඉතිහාසය ට්විස්ට් කරලා ගන්නවා ඇති තමා‍‍.. අර අපේ රවියා ඉතිහාස කතා ලියන්නෙත් එහෙමනෙ.. ;)

      AoE එකේ cheat codes ගොඩාරියක් තිබුනා ම‍ගේ ගාව, දැන් මතක නෑ.. මං ගත්තා armoured car එකක්, එතකොට ලේසර් ගන් එකකින් වෙඩි තියන සෝල්ජර් කෙනෙක්.. තව හිටියා සුපර් ෆාස්ට් priest කෙනෙක්, සිං ගාලා ගිහිල්ලා ටිං ගාලා හතුරො කන්වර්ට් කරලා සිං ගාලා ආපහු එනවා.. :D

      Delete
  8. ගේම් ගහපු කාලය මතක නැහැ
    සිම් සිටි කියන එක නම් ගහලා තියෙනවා හැබැයි එකේ රටක් පාලනය කරන්න නැහැ ටවුන් එකක් විතරයි
    http://www.simcity.com/

    ReplyDelete

Post a Comment