Skip to main content

අපිට ඕනෑ ජනපති කෙනෙක්! We need a President!

අදීන වන්නට නම් ජනපතිවරු රජුන් නොකළ යුතුය. බහුතර චන්දෙන් පත්ව එන ජනපති කෙනෙක් වුවද සාමාන්‍ය පෘතග්ජන මිනිසෙකි. ඔහුට/ඇයට කොන්ද නමාගෙන එහෙයි එහෙයි කියන්නට යාම දීන කමකි. 

තනතුරකට කළ ගුණ සැළකිය යුතු යයි සිතීමද මේ දීන කමේ ලක්ෂණයකි. අපි කළගුණ සළකමු පුද්ගලයන්ට, පුද්ගලික මට්ටමින්. ඇයි අපි මෙතරම් බය පක්ෂපාත වන්නේ? 

ප්‍රශස්ති ගයන්නට තවත් සහේළිලා ප්‍රතික්ෂේප කරමු. වැරැද්ද දුටු තැන වැරදි යයි කීමට තරම් නිර්භය වෙමු. විරුද්ධ මත වලට ගරු කරමු.

සැබෑ නිදහස පතා අරගලය නිමා නැත. එය නිම නොවන සදාකාලික ප්‍රයත්නයකි. නව ජනපති ඉන්ද්‍රජාලිකයකු නොවේ. බලය මෙන්ම වගකීමද ඇත්තේ අප අතමය.

It is a beautiful day for democracy. But the struggle is not finished. The new president cannot magically make things right. It is a constant struggle, allowing for dissent, and looking for solutions. Together.

And now, there is hope.

Comments

  1. අපේ රටේ බහුතරයක් තාම රජුන්වැඳීමේ නිරතයි.. නායකයින් වටා ඉන්න වන්දිභට්ටයෝ ස්‍තෝත්‍ර කියාවි..ඒ පුරුද්ද ලෝකය පවතිනතාක් කල් යාවි.. ඒ වගේම මනුස්ස වර්ගයා නායකයින් පත්කරගත් අතීතය දක්වාත් පැරණියි.. නමුත් ඒවායින් මත් නොවී තමා කවුදැයි අමතක නොකර ඉදිරියට යාමට හැකි පුද්ගලයා නියම නායකයායි.. නෙල්සන් මැන්ඩෙලා ගන්න.. අන්න නියම නායකයෝ..
    වඩා වැදගත් වෙන්නෙ මිනිස්සු අවදියෙන් ඉඳීමයි.. වරද දු‍ටු තැන මොර ගැසීමයි.. වරද කරන්නා අනුමත නොකර පහ කිරීමයි.. ඒ සඳහා අවැසි පුරවැසි නිදහස නිදහස මින් ලැබේනම් ඉතිරිය සිදුවේවි..

    ReplyDelete
    Replies
    1. // නායකයින් වටා ඉන්න වන්දිභට්ටයෝ ස්‍තෝත්‍ර කියාවි..ඒ පුරුද්ද ලෝකය පවතිනතාක් කල් යාවි.. //
      ඒවා නම් එහෙම තමයි. ඒ උනත් ඉතින් වමනේ යන තරමටම උත්සන්න කඩේ යාමක් දැක්කේ පහුගිය ටිකේ...

      //ඒ සඳහා අවැසි පුරවැසි නිදහස නිදහස මින් ලැබේනම් ඉතිරිය සිදුවේවි..//
      ඔව් නිදහස තමයි මුලික :)

      Delete
  2. තමන් කරනා සේවයට වැටුප් ලබාගන්නා පුද්ගල යන්ට ගරු කියන එක මිනිස්සු නතර කලයුතුයි , ගරු කියා ඇමතීමට නම් වැටුප් ප්‍රතික්ෂේප කල යුතුයි .

    ReplyDelete
  3. තව නම් ලියන්න හෝ වෙන කිසිම වැඩක් කරන්න පණ නෑ. නිදිමතයි මහන්සියි බඩගිනියි.
    ඒ මදිවට කෝපි ඉස්මුරුත්තාවේ වෙලා.
    පෞද්ගලික ලාභ ප්‍රයෝජන වලින් එහාට නීතිය සාමය රට වැසියන්ගේ ආරක්ශාව දියුණුව ගැන වගකීමක් ගන්න මේ රජටය බල කරන එකත් අපේ යුතුකමක්.
    කාලෙකට පස්සේ බොහෝ අයගෙ ඖණන්දුවත්, විශේශයෙන්ම ජාතිවාදය රාජ්‍ය අනුග්‍රහයෙන් වපුරද්දි මේ දක්වපු ප්‍රතිචාරය හරිම වටිනවා. ඒ විතරක් නෙමෙයි සෝසල් මීඩියා වලින් වගකිවයුතු යමක් කරන්න පුළුවන් කියලා ලංකාවේ මිනිස්සුන්ට අවබෝධ කලාටත් අපමන සතුටුයි.
    මිනිස්සු මිනිස්සු වෙන රටකට හීන දකිමු.
    චියර්ස් නිරෝ...

    ReplyDelete
    Replies
    1. අනිවා...රජ්ජුරුවෝ යටත්වසියෝ බත්බැලයෝ නැති හැමෝම මිනිස්සු වෙන රටක්!
      අනිවා...රජ්ජුරුවෝ යටත්වසියෝ බත්බැලයෝ නැති හැමෝම මිනිස්සු වෙන රටක්!
      හීන ඔක්කොම ඉක්මනටම හැබෑ නොවුනත් හීනෙට යන්න පාර හරි කැපේ නම්!
      cheers!

      Delete
  4. ඒකගයි සියල්ලට ම ..................... අපි අපේ රට හරි ගමන ගෙනියන්න වගකීම ගන්න අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඔව්...මොනා උණත් තමන්ගේ රට හදන්න නම් පුරවසියෝම තමා ඒකෙ වැඩේ කරන්න ඕනේ

      Delete
  5. අපිට ඕනෑ ජනපති කෙනෙක්,
    හඳහන්කාරයන්ගේ සාත්තරකාරයන්ගේ තිරුපතිවල රූකඩයක් නෙමෙයි :-DD

    ReplyDelete
    Replies
    1. :D පව් මට හැබැයි දුකයි අර වෙඩි තියාගන්නවා කිව්ව මනුස්සයට. මිනිහා හොඳටම බය වෙලා.

      Delete
  6. //බලය මෙන්ම වගකීමද ඇත්තේ අප අතමය.//

    මිනිස්සු ලේසියෙන්ම අමතක කරන දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් නේ... මිනිස්සුන්ගේ බලය මිනිස්සුම දන්නේ නෑ නේ

      Delete

Post a Comment