"අපේ සදාචාරය" ගැන කතාකිරීම තරම් සමහර ශ්‍රීලාංකික අය කැමති දෙයක් තවත් නැත. පැරණි සංස්කෘතිය, සභ්‍යත්වය වැනි වදන් ද මේ හා එකට බැඳී ඇත්තේය. එහෙත් සැබවින්ම සදාචාරය යනු කුමක්ද? සදාචාරය යනු බාහිර සිරිත්, ඇඳුම් පැළඳුම් යනාදියෙන් මැනිය හැකි දෙයක් ද? නැතහොත් පුද්ගල අභ්‍යන්තරයෙන් මතුවන ජීවන රටාවෙන් පිළිබිඹු වන්නක්ද? හැත්තෑව දශකයේ තරුණියන් බොහෝ දෙනා ඇන්දේ මිනි ගවුම්ය. තරුණයන් බෙල් බොටම් ය. එකල පැවති විලාසිතාවට අනුව එසේ ඇන්දා මිස ඔවුන් ට සදාචාරයක් නැති නිසා එසේ ඇන්දේ නැත. සියලු රටවලට, ජාතීන්ට, විවිධ සංස්කෘති, සදාචාරය විධි පවතී. අපේ රටේ සංස්කෘතිය ඉතාම අනර්ඝ යයි අපම කියා ගත්තාට, ලොව වෙනත් රටවල අයට අපේ සංස්කෘතියේ සමහර අංග විකාරරුපී හෝ අප්‍රසන්න හෝ හානිකර ලෙස පෙනෙන්නට පුළුවන. මුසල්මානුවන් එක පිඟානේ බත් කෑම අප්‍රියජනක බව සමහර සිංහල අය පවසති. එහෙත්, අපි බත් මාලු අතින් අනා කෑම යුරෝපයේ හෝ චීනයේ කෙනෙක්ට ඔක්කාරය හදවන තරමට අප්‍රිය වන්නට ඉඩ ඇති බව ඔවුන් නොදනී! බටහිර රටවල කොට ඇඳුම් දකින සමහරු බටහිර සංස්කෘතියේ නිර්ලජ්ජිත භාවයට දොස් තියති. එහෙත්, දෙපතුල දක්වා ම වැසෙන සේ ඇඳුම් ඇඳ ගෙන ගිය...
Just some random arrows of thought...