Skip to main content

What do girls want?

අසූවේ දශකයේ ඉපදුනා නම්, ගොඩක් අයට මෙන්න මේ සින්දුව හොඳට අහල පුරුදු එකක් වේවි.

I come home in the morning light
My mother says when you gonna live your life right
Oh mother dear we're not the fortunate ones
And girls they want to have fun
Oh girls just want to have fun
The phone rings in the middle of the night
My father yells what you gonna do with your life
Oh daddy dear you know you're still number one
But girls they want to have fun
Oh girls just want to have
That's all they really want
Some fun
When the working day is done
Girls - they want to have fun
Oh girls just want to have fun
Some boys take a beautiful girl
And hide her away from the rest of the world
I want to be the one to walk in the sun
Oh girls they want to have fun
Oh girls just want to have
That's all they really want
Some fun
When the working day is done
Girls - they want to have fun
Oh girls just want to have fun,
They want to have fun,
They want to have fun...
 ගායනා කරන්නේ ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය වුනු සින්ඩි ලෝපර්. මේ තියෙන්නේ ඔරිජිනල් සින්දුව.

 සින්දුව වගේම වීඩියෝ එකත් සෑහෙන ජනප්‍රියයි. අසූවේ දශකයට ආවේනික වර්ණවත් ඇඳුම්, ලොකු කොණ්ඩා මෝස්‌තර, gaudy makeup එහෙම මේ වීඩියෝ එක හොඳට බලාගන්න පුළුවන් :D.

 මේ සින්දුව ගොඩක් ජනප්‍රිය නිසාම, පස්සේ කාලවලදීත් කීප දෙනෙක් මේක ගායනා කළා. එහෙම ගායනා කල අය අතර මයිලි සයිරස්, කේටි පෙරී සහ නිකි මිනාජ් එහෙම ඉන්නවා. මේ පහල තියෙන්නේ ග්ලී වර්ෂන් එක.



 එකම පද උනත් මේ වර්ෂන් එක හෙමින් යන්නේ. ඒ වගේම මුල් එක ගායිකාවක් කිව්වත්, මේක කියන්නේ ගායකයෙක්. ඔරිජිනල් එකේ කියවෙන්නේ ටිකක් මුරණ්ඩු දඟකාර ගැණු ළමයෙක් ගැන උනත්, මේ වර්ෂන් එක අහද්දී නම් දුක හිතෙනවා. හරිම පරස්පර විරෝධී තේරුම් දෙකක්. සංගීතයෙන් කරන්න පුළුවන් වෙනස බලන්න...


මේ සින්දුව යි මායි අතරත් පොඩි සම්බන්ධයක් තියෙනවා. හරියටම කිව්වොත් මෙන්න මේ වීඩියෝ එකේ තියෙන සීන් එක  වගේ එකක්  :
මේ පෝස්ට් එක ලියන්න හේතු උනෙත් ඔය චුටි බබා ගේ වීඩියෝ එක අහම්බෙන් දැකීම තමයි. මොකද අපේ තාත්ත කියනවා මාත් චුටි කාලේ හරියට ඇවිදගන්නත් බැරි උනත් රේඩියෝ එකේ සින්ඩි ඔය සින්දුව කියද්දී හෝ ගාල නටන්න ගන්නවා කියල :D :D

ඒ හේතුව නිසාද මන්දා මට මේ සින්දුව අහද්දී එන්නේ ළමා ගීතයක් අහද්දී එන හැඟීම ක්. සින්දුවේ මූඩ් එකත් හරිම විනෝදජනක දඟකාර ස්වභාවයක් ගන්නවනේ... :)

පොඩි ම කාලේදී එහෙම ආස උනාට, ඊට පස්සේ අවුරුදු පහළොව දාසය ලබද්දී නම් මේ සින්දුවේ මතකයක් වත් තිබුනේ නැති තරම්. මට මතක හැටියට MTv ලංකාවේ පෙන්නන්න ගත්තේ මට අවුරුදු දාහතරේදී වගේ. රටේ නැති බෝයි බෑන්ඩ්ස්, ස්පයිස් ගර්ල්ස්, රිකී මාටින් ගේ සින්දු මේ ලෝක සිහියක් නැතුව ඇහැව්වා මිසක්, ඒ කාලේදී මේ ජාතියේ සින්දුවක් දැක්කත් "ඊයා මොන ජරාවක්ද" කියන තත්වයක් තිබ්බේ. (හැමදාම ඉස්කෝලේ බුදුන් වඳින කොට රිකී මාටින් ට හඳුන්කුරක් පත්තු කරපු යාලුවෙකුත් හිටිය ඒ දවස්වල. රිකී අනිත් ටීම් එකට ප්ලේ කරන එක්කෙනෙක් කියල අපි දන්නේ නෑනේ ඒ දවස්වල :D).

දැන් ඉතින් ආයෙමත් මම මේ සින්දුව රස විඳිනවා. සින්දුවත් එක්ක තාත්තගේ උණුසුමත් දැනෙනවා කිව්වොත් ටිකක් විකාරයි වගේ ද මන්ද. මොකද සින්දුවේ එහෙම තේරුමක් නැහැනේ.
තාත්ත ඒ දවස් වල රෑ වෙලා වැඩ ඇරිලා ඇවිත්, බත් කාල, ඇඳේ බෙඩ් සයිඩ් ලෑම්ප් එකේ එළියෙන් පත්තරේ හරි නව කතාවක් හරි කියවනවා. මාත් ඇඳේ පැත්තක තියාගෙන. ඇඳ විට්ටමේ පුංචි රේඩියෝ එකත් දාල...

PS : දැන් නම් අර බෝයි බෑන්ඩ් වල සින්දු ගොඩක මට මෙලෝ රහක් නැහැ.

Comments

  1. Replies
    1. Yeah...Should write a separate post on the 90's boy band craze *shudders :D

      Delete
  2. අද සින්දු අහන දවස වෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අද දවසම සින්ඩි :D
      ඔබා මාමටත් ඇති නේ දුවල දෙන්නගේ මේ වගේ මතක :)

      Delete
  3. මේක අහල නෑනෙ. මම අසූව දශකෙ නෙවෙයි ද මන්ද :D

    ReplyDelete
    Replies
    1. මම හිතන් හිටියේ ඔයා ඒ ලෙවෙල් කරේ අසුවේ දශකයේ කියලනේ. එහෙම නෙවෙයිද :P

      Delete
  4. අහල නම් නෑ කලින්!
    අපි ඉතින් 90 දශකයේ කොල්ලොනේ!;)

    ReplyDelete
  5. //What do girls want?//

    boys???? :D:D:D

    ReplyDelete
    Replies
    1. කනක් ඇහිලා ඉන්න පුළුවන් නිදහසක්.

      Delete
  6. සින්දුවෙත් හැබැයි පොඩි ගතියාක් තියෙනවා.අදමයි ඒ සිංදුව ඇහුවේ.

    ReplyDelete

Post a Comment