Skip to main content

SOPA, PIPA ගැන දන්නවද?

SOPA සහ PIPA ගැන ටෙඩ් ටෝක්ස් වල තිබුණු මේ කතාව මම හිතනවා හැමෝටම ප්‍රයෝජනවත් වේවි කියල : http://www.ted.com/talks/defend_our_freedom_to_share_or_why_sopa_is_a_bad_idea.html


සම්පුර්නෙන්ම නොවුනත් එහෙන් මෙහෙන් හරි කතාවේ අන්තර්ගතේ සිංහලෙන් දාන්න හිතුව.

මුලින්ම පෙන්වන්නේ බ්රුක්ලින් වල තිබුණු පොඩි බේකරියක ගහල තියෙන බෝඩ් එකක්. බෝඩ් එකෙන් කියන්නේ' No longer accepts edible images from outside sources'.
ඒ කියන්නේ පොඩි ළමයි එක එක පින්තුර ඇඳන් ආවාම බේකරියෙන් ඒ පින්තුරේ අයිසින් ලේයර් එකක ප්‍රින්ට් කරලා දෙනවලු. බර්ත්ඩේ කේක් වලට එහෙම. ඉතින් පොඩි ළමයි සාමන්යෙන් ආසම කරන්නේ මොනාටද? මිකී මවුස් ල බග්ස් බනීල ඉන්න කාටුන් වලට. ඉතින් මුලින් ළමයි මේවා ඇඳන් ආවත්, පස්සේ බේකරිය මේවා භාරගන්න එක්ක ප්‍රතික්ෂේප කරලා මේ බෝඩ් එක ගැහුවලු. හේතුව මිකී මවුස් අයිති ඩිස්නි ට. බග්ස් බනී අයිති වෝනර් බ්‍රදර්ස් ට. ඉතින් ඒක නිසා පොඩි එකෙක් ඇන්ද මිකී මවුස් ව අය්සින් කේක් එකකට ගහල දෙන එක කොපි රයිට් නීති උල්ලංගනය කිරීමක්. ඉතින් මෙහෙම හැම පොඩි එකෙක්ගේ චිත්‍ර වලට ට කොපිරයිට් නීති බලන්න යන එක බේකරියට කොච්චර වදයක් උනාද කියනවා නම්, අන්තිමට එයාල මේ බෝඩ් ගහල කාටවත් තමන් අන්දපු චිත්‍ර ප්‍රින්ට් කරගන්න බැරි කරාලු. දැන් පුළුවන් එයාල ගාව තියෙන චිත්‍රයක් තෝරාගෙන ප්‍රින්ට් කර ගන්න විතරයි.

ඉතින් දැන් සෝපා කරන්න හදන්නෙත් මේ වගේ දෙයක්. ඒ කියන්නේ මේ වගේ කොපි රයිට් බලපාන අන්තර්ගතයක් සහිත සේවා සපයන සයිට් තියෙනවනේ - උදාහරනෙකට යුටියුබ්, ෆේස්බුක් ගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මේ කොපි රයිට් වලට යටත්වීමේ දී මේ සයිට් වලට දරන්න වෙන වියදම අධික ලෙස ඉහල නැං වෙනවා. එතකොට ඒ සයිටුත් අර බේකරිය කරා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එම සේවාව සපයන එක නවත්තලම දානවා.

අපි අන්තර්ජාලේ කරන්න කැමතිම දේවල් තමයි Create, Produce & Share කියන තුන. මේ නීති ආවොත් ඒවා කරන්න වෙන්නේ නැහැ.

මේකේ කියන විදියට මේ නීති වල පිටිපස්සේ ඉන්නේ මාධ්‍ය ආයතන. එයාල මේකට ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරලා තියෙනවා. මොකද එයාලට මේ නීති ගෙනාවොත් එයාලගේ ආදායම තව වැඩි කර ගන්න පුළුවන් වේවි කියල හිතන නිසා. සෝපා පාස් උනොත් අන්තර්ජාලේ සයිට් වලත් අර බේකරියේ වගේ බෝඩ් ගහල තියේවි. ගොඩක් බ්ලොග් උනත් වහන්න තමයි වෙන්නේ.

කතාවේ ඔක්කොම දාන්න අමාරුයි. ටයිප් කරන්න කම්මැලි නේ :) ඒක නිසා  වීඩියෝ එක බැලුවනම් ඔක්කොම දැන ගන්න පුළුවන් වේවි.

Comments

  1. බ්ලොග් වහන්ට උනොත් ඉතින් වීඩියෝ බල, බලා ඉන්ට පුලුවන්. ෆිල්ම්ස් බලන්ට පුලුවන්. ටීවී බලන්ට පුලුවන්. පොත් කියන්වන්ට පුලුවන්. මගේ අම්මේ බ්ලොග් හන්දා මග ඇරිලා තියන දේවල්. :D:D:D

    ReplyDelete
    Replies
    1. ඔව් නේ
      වහමු වහමු එහෙනං වහල දාමු :D ඔන්න ඔහේ පාඩුවේ සුදු වැද්දා වත් කියෝ කියෝ ඉන්න බැරියැ!

      Delete
  2. මටත් හිතිල තියෙන්නෙ පොඩි කුමාරිහාමි කිව්ව එක නං

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඔබා මාම ට කෑම හදන්න ගාර්ඩ්නින් වලට හෙම වෙලා තියෙනවා නේ !

      Delete
    2. බ්ලොග් ලියන්න, කියවන්න, කොමෙන්ට් වලට උත්තර බඳින්න තමා වෙලාව නැත්තෙ

      Delete
  3. අද තමයි මේ sopa කියල කට්ටිය කිව්වට මොකක්ද කියල හරියටම දැනගත්තේ!
    කොච්චර දේවල් මග අරුණත් blog ලියනවා වගේ ආතල් වැඩක් නැනේ!:P

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලින්ක් එකේ එයා හොඳට පැහැදිලි කරනවා. මටත් එච්චර අවබෝධයක් තිබුනේ නැහැ

      Delete
  4. තනියම බලනව වගේ මොන රහක්ද එකතුවෙලා බෙදාගන්නකොට, කතාවෙනකොට, ඇර ගන්නකොටකට. අනික මේක ආවම ඔය නිකන් බලන වීඩියෝ ටොරෙන්ට් වලින් ගන්න ෆිල්ම් විතරක් නෙමෙයි ෆනියස්ට් වීඩියෝ වත් බලන්න වෙන්නෙ නෑ. ඒ නිසා මමනම් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. මාත් විරුද්ධයි ඉතින්! ටොරන්ට් නැත්තම් කොහොමද ෆිල්ම් ටී වී සීරිස් බලන්නේ? ටොරන්ට් බාන එක නම් මෙහෙ කොහොමත් අවුල්. ඉතින් අපේ යුනි එකේ ඕක කෙරෙන්නේ මෙහෙම.

      Delete
  5. අනේ ඔය නීති ගේන උන් කොටියම කාපිය...

    ReplyDelete
    Replies
    1. ඔහොම කියල හරි යන්නේ නෑ. විරුද්ධ නම් කරන්න ඕනේ දේ වීඩියෝ එකෙන් දැක්කනේ :D

      Delete
  6. මොන හේතුවක් නිසා හරි මන් මේ නීතියට කැමතියි
    මන් හිතන්නේ මේක නිසා සැබෑ නිර්මානකරුවාට තමන්ගේ නිර්මානවලට නිවැරදි වටිනාකමක් ලැබෙයි කියලා
    ඒ ඇරෙන්න
    වෙබ් අඩවි වල ඇති අන්තරගතය මීට වඩා ගුණාත්මක වෙයි
    මොකද අඩංගු දේ ගැන අඩවි අයිති අය වගකියන නිසා
    නොමිලේ බෙදා හරින්න කැමති අය ඒ කාලෙත් නොමිලේම බෙදා හරීවි, හැබැයි හැමෝටම වගේ අන්තර්ජාලය භාවිතා කරන්න අමතර වියදමක් දරන්න සිද්ද වේවි මේක නිසා

    ReplyDelete
  7. සයිටු kiyanne mokakda

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World