Skip to main content

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 2

<<පලවෙනි කොටස මෙතනින්
 
තුන්වෙනි දවස
එදා උදෙන්ම අපි නාල කාල පිටත් උනේ  ලෝන්සේස්ටන් කියන පැත්තට යන්න. දැන් ඔය වෙද්දී අපි හිටියේ නැගෙනහිර වෙරළ පැත්තෙනේ. ඒ නවාතැනට සමුදීල අපි දැන් යන ලෝන්සෙස්ටන් තියෙන්නේ උතුරු මැද වගේ. මේ යටින් තියෙන්නේ අතරමැද බල බල ගිය මිදිවතු, චෙරි වතු, ස්ට්‍රෝබෙරි වතු වල එහෙම පින්තුර.




ස්ට්‍රෝබෙරි වත්තෙන් රසම රස නැවුම් ස්ට්‍රෝබෙරි ජෑම්, චොකලට් ආලේපිත ස්ට්‍රෝබෙරි ඩ්‍රෝපස්, ස්ට්‍රෝබෙරි සෝස් (අයිස්ක්‍රීම් කද්දී දාගෙන කන්න) එහෙම ගන්නත් අමතක කලේ නැහැ. ඔහොම ෆාම් වලින් ගන්න ජෑම් වල එහෙම සුපර්මාකට් වලින් ගන්න ජෑම් වලට වඩා අලුත් නැවුම් රහක් තියෙනවා. කොහොම හරි මම ඔය ගත්ත ජෑම් බෝතලයක් ලංකාවටත් අරන් ගියා. ස්ට්‍රෝබෙරි වත්තේ එහෙම උනාට මිදී වතුවල නම් මිදි ගන්න බැහැ :D. ඒවායේ තියෙන්නේ වයින්. වයින් ඕනෙනම් මිලදී ගන්න වගේම නොමිලේ රහ බලන්නත් පුළුවනි.

ඇත්තටම ලෝන්සෙස්ටන් දැක්කම අපේ නුවර එලිය වගේ කියල මට හිතුනේ. පරණ කොලොනියල් ගොඩනැගිලි වලින් සමන්විත 'Old world charm' තියෙන නගරයක්. එහෙ නවාතැනට ගිහින් මහන්සි හෙම ඇරගෙන අපි ගියේ 'කැටරක්ට් දුර්ගය' බලන්න. ඒක මොකද්ද කියල අහන්න එපා දැන් :D. නමේම තියෙනවනේ. ඒක දුර්ගයක් :P. මේ තියෙන්නේ...

 අපි නැවතිලා හිටපු තැන රෙසේප්ෂනිස්ට් අක්කා එක්ක ටිකක් කතාකරපු පාර, එයා ඉතාලියේ ඉපදිලා ඩොක්ටරේට් එකකුත් තියෙන කෙනෙක්. රට රටවල ඇවිදින්න ගොඩක් ආසයිලු. ලංකාවටත් ගිහින් තියේලු - හැබැයි දවස් දෙක තුනකට. අම්බලන්ගොඩ ගැනත් කිව්වා. ඉතින් එයා ඔහොම ඇවිදිද්දී ටස්මෙනියාවට ආපු පාර එහෙ ලස්සන නිස්කලංක බව නිසා එහෙ නවතින්න හිතුනලු.
එදා රෑට කෑම කන්න තැන කිව්වෙත් එයා තමයි. ඇත්තටම ගොඩක් රහ බර්ගර්ස් තියෙන තැනක් නිසා ඔන්න ඔයාල ටැසි ගියත් ඒකට අනිවාර්යෙන්ම යන්න. නම තමා : Burger got Soul. මම දැනට කාල තියෙන රසම බර්ගර් එක කෑවේ එහෙන්.

හතර වෙනි දවස
ලෝන්සේස්ටන් වල තියෙනවා හොලිබෑන්ක් කියල වනාන්තර ප්‍රදේශයක්. අපි හතරවෙනිද ගියේ එහෙට. උසම උස ගස් වැල් පිරිච්ච, ඒ ගස් අතරින් දොළ පාරවල් එහෙම ගලන ලස්සන පැත්තක් හොලිබෑන්ක්. හැබැයි අපි එහෙ ගියේ ගස් වැල් බලන්න නම් නෙවෙයි...
අපි එහෙ ගිහින් කරපු දේ තමයි ඔය යට පින්තුර වල තියෙන්නේ:

ඔය පින්තුරේ පේන කේබල් වල එල්ලිලා තමයි අපි අර ගහෙන් ගහට යන්නේ. කොහොමද ටාර්සන් වගේ නේද? :D
සමහර තැන්වල වේගෙන් ගලන ගඟක් උඩිනුත් යන්න තියෙනවා. උපරිම යෙන් මීටර් 300 වගේ උසකින්. ඔහොම නැවතුම් වේදිකා දෙකක් අතර දුර උපරිම වශයෙන් මීටර් 400 වගේ උනා. මෙතැනදී අපිව කණ්ඩායම් වශයෙන් තමයි එක්ක යන්නේ. ආරක්ෂක ඇඳුම් ඇඳගන්නත් ඕනේ. ඔය ඇඳුම හරියට හාර්නස් එකක් වගේ. ඒකෙ තියෙන කොකු 2 කින් තමයි අර කේබල් එකෙ එල්ලෙන්නේ. මෙතැනදී යන වේගේ පාලනේ කර ගන්නත්, වේදිකාව ලං වෙද්දී safely land කරන්නත් ගයිඩලා කියල දෙනවා. අර උඩ ෆොටෝ එකෙ මැද වාඩි වෙලා ඉන්නේ ඒ එක ගයිඩ් අක්ක කෙනෙක්.

...අන්තිම දවස් දෙක ඊළඟට...

Comments

  1. ලස්සන විස්තරයක්. අර මුවාවෙලා ඉන්න දෙන්නා කවුද දන්නේ නෑ නේද? :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පො කු.
      මුවා වෙලා නම් ඉන්නේ ඉතින් මුවෝ දෙන්නෙක් වෙන්න ඇති අනේ :P

      Delete
  2. මේව දැක්කම යන්නමයි හිත

    ReplyDelete
    Replies
    1. ඉතින් යන්න මෙයා. යන්න. ලෝක විනාශේ ට කලින් යන්න :P

      Delete
    2. @කස්ස,

      මෙයා නම් ගමනේ යන්ට කුකුල උස්සගනමයි ඉන්නේ....:)

      Delete
  3. අර නොට් එක කපල දාල තියෙන්නෙ නං අපේ අය්යල ටිකක් වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. අපි හෙම ගියෙ නෑ ඒ පැත්තෙ

      Delete
    2. සිරා වට අපිටත් ඕකම හිතුන දැක්ක වෙලේ :D :D

      Delete
  4. ටැස්මේනියා යනකොට නිරෝෂිනී ගෙන් උපදෙස් ගන්නං...

    ReplyDelete
    Replies
    1. එහෙම නිකම් උපදෙස් දෙන්නේ නැහැ මාමේ. කන්සල්ටන්ට් ෆීස් ගන්නවා :P

      Delete
  5. පිස්සු හැදිල ආයෙ හැදෙනව අක්කෙ.....

    ReplyDelete
    Replies
    1. පිස්සන්ට ත් තවත් පිස්සු හැදෙනවද මල්ලි මේක කියෙව්වම ?!

      Delete
  6. තවත් කොටසක් තියෙනවද? මේ සංචාරක සටහන් දැක්කම හරිම ඊර්ශයායි වගේ මට.
    හික්ස්...
    දුප්පත් අපි ඉතින් හැමදාම වැඩ කරනවා කෝඅ ඉතින් නිවාඩු අපිට?

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කරන්න එපා. මම ඉතාලි ගියේ ඉගෙන ගන්න කාලේ. සල්ලි තිබුනෙත් නැහැ. යන්න ඕනෑකම නිසාම මාස්ටර් කාර්ඩ් ඒකෙන් ස්පොන්සර් කරලා ගියා. සතියක් ඉඳල හැම තැනම වගේ බලල ආව. ඊට පස්සේ Alaska යන්න හිතිලත් එහෙම්ම තමයි. එකට නම් Seattle ඉඳල Cruise එකක ගියේ. කරන්න ආස දේවල් කරන්න. ගෙවෙන කාලය ආපහු ලැබෙන්නේ නැහැ. ප්‍රශ්න ඉවර කරලා සල්ලි හොයාගෙන කරන්න හිටියොත් හැමදාටම පසුතැවිල්ල විතරයි. ඕනෑම නම් ඔබා අයියා ගෙන් අහන්න.

      Delete
    2. හික්ස්....
      අනේ එහෙමද? ඔයාට වගේ අපිට මාස්ටර් කාඩ් නෑ නේ. අපිට කවුරුත් වීසා දෙන්නෙත් නෑ.

      අපි දුප්පත් මිනිසුනේ.... පුළුවන් නම් මටත් කෘස් එකක නිවාඩුවකට ස්පොන්සර් කරන්නකෝ...

      Delete
    3. අනේ ඔයාලටත් දුප්පත් කියනවා නම්, රස්සාවක් නැතුව ස්කොල් එකට හම්බුවෙන ස්ටයිපෙන්ඩ් එකෙන් මේ ව කරන අපිට කියන්න ඕනේ මොකක් කියලද බුරු බබෝ? :D :D
      ඉතින් ලොකු නිවාඩුවක් ඕනේ නැහැනේ. මේ ගමන දවස් 5 යි. ඇනුවල් ලීව් හම්බුනාම යන්න...ඔයා ඉන්න පැත්තේ මෙහෙටත් වඩා ලස්සන ඓතිහාසික තැන් ඇතිනේ.

      Delete
  7. ටැස්මෙනියන් ඩෙවිල්ස් ඉන්නෙත් මෙහේද? අර Looney Toons හය්යෙන් කරකැවෙන සතා... http://www.nonstick.com/characters/taz.html

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා ගැන ඊළඟ පොස්ට් එකෙන් කියන්නම්කො. ඒ සත්තුන්ට දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

      Delete

Post a Comment