Skip to main content

කැන්ගරු කතාවක්

ඕස්ට්‍රේලියාව කිව්ව ගමන් මතක් වෙන්නෙ කැන්ගරුන් ව. ලංකාවෙ අපිට නං කැන්ගරුවො දැකගන්න වෙන්නෙ සත්තු වත්තට ගියොත් විතරනෙ. හැබැයි ඕස්ට්‍රේලියාවෙ නම් ටිකක් නගරෙන් පිට ගියොත් පාර අයිනෙ කැන්ගරුවො පැන පැන යනව පේනව. සමහර වෙලාවට අධිවේගී මාර්ග අයිනෙ වාහන වලට හැපිල උන් මැරිලත් ඉන්නවා.
ඉතින් මේ සටහන මම ඕස්ට්‍රේලියාවෙදි ගිය එළිමහන් සත්තු වත්තක හිටිය කැන්ගරු පවුලකට වෙච්චි දෙයක් ගැනයි. එළිමහන් කිව්වෙ, මේකෙ සත්තු කූඩු කරලම නැහැ.
වැටවල් ගහලා ටිකක් ස්වභාවිකත්වයට ළං වෙන්න තියන තැනක්. සමහර සතුන් අල්ලන්න, කෑම දෙන්න එහෙම පුලුවන්.
එක තැනක් තිබුනා - එතන කැන්ගරුවො එක්කල හිටිය 'එමු' කියල මහ විසාල කුරුල්ලො ජාතියකුත්. අනේ කැන්ගරුල නම් හරි අහිංසක පාටට හිටිය. අර කුරුල්ලො නම් මහ නාහෙට අහ්න්නෙ නැති උන් ටිකක වගෙයි.
පහළ පිංතූර ටික බැලුවොත් පෙනෙයි මට එහෙම හිතුනෙ ඇයි කියල...






මුලින් අපි ගියේ කැන්ගරු අම්ම ගාවට...චූටි පැටියටත් කෑම දුන්නට ඌ තාම කිරි බොන වයසෙද කොහෙද නිසා අම්ම විතරයි කෑවෙ.

















මේ තමයි කැන්ගරු තාත්තා. එයා ටිකකින් කෑම එක අත් (කකුල්?) දෙකෙන්ම අරන් කන්න ගත්තා.



















ඔන්න බලන්න දුෂ්ට එමූ කරන වැඩේ!
















පව් අසරණ කැන්ගරු :( එමූට කෑම එක ගන්න බැරිවෙන්නෙ ඌ කෑම එක බදා ගෙන. ඒත් අන්තිමට එමූ තග දාල ඔක්කොම තනියම කෑවා.













එමූගෙ මැර බලයට කැන්ගරු විතරක් නෙවෙයි අපිත් බය උනා!

ප.ලි - මේ පිංතූර ගත්තෙ මම නම් නෙවෙයි. සපුරා අයිතිය මගේ හසාරා නංගියා ටයි. :)

Comments

  1. එකත් එකට, කවුරු කියන්න ඇති, "එමු, එමු" කියලා.නැතුව ඒ සතාගෙ වරදක් නොවේ, පෙනුමත් හරි අහිංසක පාටයි.

    ReplyDelete
  2. very cute. sorry i have no sinhala typing/font things..

    ReplyDelete
  3. @Siribiris
    මරු අහිංසක! මූට දාන්න තිබුනෙ 'එමු' නෙවේ 'යමු' කියල.

    @crystal flame
    ස්තුතියි! සිංහල යුනිකේත ලියනය කරන්න මම නම් පාවිච්චි කරන්නෙ - http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අනේ පවු අසරණ කැංගරුවා. හරිම දුක හිතෙන ෆොටෝ ටිකක්

    ReplyDelete

Post a Comment