Skip to main content

බොරුවෙන් ජීවත් වීම

කවදාවත් බොරුවක් කියල නැති කෙනෙක් මේ ලෝකෙ ඉන්නව ඇතැයි කියල මම නම් හිතන්නේ නැහැ. පෘතග්ජන මිනිස්සු හැමෝම යම් යම් අවස්ථාවලදි බොරු කියනවා.
ඒ උනත් අපි අතර ඉන්න සමහර අය බොරු කීම විනෝදාංශයක් කරගෙන වගේ. මගේම යාළුවෝ අතරත් ඒ වගේ අය ඉන්නවා. (ඒ අය ඇත්තටම යාළුවොද නැද්ද කියන එක වෙනම කාරණ්යක්.)
මේ අය බොරුවක් කියලා ඒ ගැන අනිත් අයත් එක්ක කියන්නේ හරි ලොකු දෙයක් කළා වගේ. 'මට නම් එයාව හොඳට කඩේ යවන්න පුළුවන්' 'මට හොඳට බෝල බස්සන්න පුළුවන්' 'අපෝ මට නම් ඕක රෝල් කරල කියන්න පුලුවන්.'
ඒ වගේ දේවල් ඇහෙද්දිද් හරිම පිළිකුල්. ට්ව් එකේ යන 'Moment of Truth' කියන වැඩසටහන සමහරු බලල ඇති. ඒ ගැන දවසක් කතා කරද්දි එක්තරා මිතුරියක් කියනවා 'අපෝ ඕක ලංකාවෙ නැති එකමයි හොඳ. අපේ අම්ම මගෙන් ඔහොම ප්‍රශ්න ඇහුවොත් රතු ලයිට් එකක් පත්තු වෙලාම තියෙයි' කියල. අම්ම තාත්තට ඔච්චර බොරු කියන කෙනා අපිට කොහොම බොරු කියනව ඇද්ද් කියල මට හිතුනා.
ඇත්තටම (බොරුවට නොවෙයි !) මිනිස්සු මේ හැටි බොරු කියන්නෙ ඇයි? කපටි කමින් ජීවත් වෙන එකෙන් සතුටක් ලබන්න පුලුවන්ද? එයාලට මොන ජරා වැඩේ හරි කරල තමන්ගේ වැඩේ වෙනවනම්, තමන්ට වාසියක් වෙනවනම් එච්චරයි.
නිකම් ඒ හැටි ළඟින් ආශ්‍රය නොකරන අයට බොරු කීම පැත්තකට දාමු (ඒක හොඳයි කියනව නෙවෙයි ). නමුත් තමන්ගේ හොඳම යාළුවාට, දෙමව්පියන්ට, පෙම්වතාට, පෙම්වතියටත් බොරු කියන එකේ තේරුම මොකද්ද? ගොඩක්ම හිනා යන වැඩේ තමයි මෙහෙම බොරු කියන ගමන් පන්සල් පල්ලි යන එක. එක අතකට කියන බොරු වල පව් යවාගන්න යනවද දන්නෙත් නැහැ. LOL
මෙයාලගේ ජීවිත වල තියෙන හිස් බව එයාලට නොතේරෙන්නෙ ඇයි? අපි ජීවත් වෙන්න ඕන ඇත්ත මුල් කරගෙන නොවේද? ජීවිතේ කියන්නෙ වෙනින් කාටවත් බලන්න පෙන්වන චිත්‍රපටයක් නෙවෙයි. කාටවත් පේන්න අපි බොරුවෙන් ජීවත් වීමෙන් පලක් නැත්තෙ ඒකයි. මොකද කවදහරි අපිට ඇත්තට මූණ දෙන්න වෙනවා. එතකොට අන්තිමට බලන් යද්දි ඉතුරුවෙලා තියෙන්නෙ බොරු ටිකක් විතරයි.

Comments

  1. I guess that because we Sri Lankans are very judgmental bunch.

    ReplyDelete
  2. hmm do you mean that people lie because they fear what others may think of them?

    ReplyDelete
  3. Well. At least, that is the reason I lie (When I do, not very often any more. Even not, I can’t say I lie often, I don’t want you think bad of me. So i rather lie about it) :)

    ReplyDelete
  4. I agree... That's the reason I say a lie when I have to too... Well... I can safely say i don't lie to my friends though... Sometimes to my parents :)

    ReplyDelete
  5. sam & chathura:
    yes I guess we all do that. Another reason might be if we want to avoid uncomfortable situations. For example you go to this party and your friend walks in with a hideous hairstyle. If she asks you how she looks you're not going to say 'you look awful' (later after the party, you can tell her that hairdo wasnt really a good idea).

    But I wasn't talking about little white lies in the post. I was referring to lies told quite deliberately intended to manipulate others.

    ReplyDelete
  6. මට හම්බ වෙච්ච අයගෙන් වැඩියෙන්ම බොරු කියන්නේ ආගම ධර්මෙට ගොඩක් ලැදී වගේ පෙන්නන අය.

    ReplyDelete
  7. මං නම් කවදාවත් බොරැ කියලා නෑ කිව්වොත් ඇත්තක් නොවෙයි.

    ReplyDelete
  8. @ම
    ඔව් ඒක වෙන්න පුලුවන්. ආගමට ලැදි නොවී ලැදි වාගෙ පෙන්නන එකත් බොරුවක් නෙ!

    @-බිன்ku-
    මටත් ඒක වලංගුයි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World