මේ ගෙවෙන්නේ ගිම්හානයේ අග කොටස. පසු ගිය සතියේ ඉතාම තද රස්නයක් තිබුණු සතියක්... නිවෙස් වල වායු සමීකරණය නැතිව ඉන්න බැරි තරම්. ජනවාරි 25 සවස අපි පවුලම - දෙන්නෙක් වැඩ ඉවර වෙලා, එක්කෙනෙක් එයාගේ පෙර පාසල ඉවර වෙලා - ගෙදර එද්දී හයහමාර පහු වෙලා. සවස් උනත් ඉර එළිය හොඳට ... මේ දවස් වල රැ නවයට ත් එළියයි නේ. ජනවාරි 26 බදාදා ඕස්ට්‍රේලියානු දිනය අපේ නිවාඩු දිනයක්. ඉතින් අපි 25 සවස ගෙදර ඇවිත් රෑ කෑම හදන අතරේ කතා කරේ පස්සෙන්දා මොකද කරන්නේ - කොහෙද යන්නේ කියලා. මේ දවස් වල ඔමික්රෝන් උවදුර නිසා පරිස්සමෙන් යන්නත් ඕනේ. ඒ අතරේ ඇමතුමක් ආව යාලුවෙක් ගෙන් - යෝජනාවක් ආවා වෙරළ ට යන්න - පස්සෙන්ද නෙමෙයි - එදා ම - එවෙලේම! යුද්ධයක් කරලා පොඩි මෑන් ට ත් පොඩ්ඩක් කවාගෙන, පිහිනුම් ඇඳුම් ඔක්කොමත් අරන් ගියා! එදා අපි ගියේ Seaford. මුහුදට බහින කොටත් රෑ 9 ට කිට්ටු යි ! දවසෙම රත් වෙලා ඉඳලා මුහුද ට බැස්සම හරිම සනීපයක් දැනුනේ ... ගිම්හාන කාලේ නිසා රෑ උනත් වතුර උණුසුම්. පැයක පමණ වතුරේ ඉඳලා තමයි අපි එදා ගෙදර ආවේ. ඒ පස්සෙන්දා නිවාඩු දිනයේත් ආයෙත් වෙරළ ට යන්න සැලසුම් කරලා ... ජනවාරි 26 අපි ගියේ තව ටිකක් එහා Sorrento වලට. Sorrent
මගේ අවුරුදු දෙක හමාරේ පුතුට ඊයේ doctor කිට් එකක් තෑගි ලැබුණා. ඉතින් ඒකෙ තියෙන සෙල්ලම් වෙද නලාව කනේ ගහන් එයා 'doctor' වෙලා. මේ වයසේ දී පොඩ්ඩන් ට role play සෙල්ලම් ගොඩක් වැදගත් බව සහ, ඒවා වලට වැඩිහිටි අය අවම වශයෙන් මැදිහත් වෙන තරමට හොඳ බව මම ළගකදී කියෙව්වා. ඒකට හේතුව විදියට තිබුනේ වැඩිහිටි අපි නිතරම හිතන්නේ කොටුවක් ඇතුලේ, නැත්නම් පුංචි රාමුවක් ඇතුලේ. ඒත් පොඩ්ඩන්ගේ පරිකල්පනයේ රාමු ඊට වඩා ගොඩක් ලොකු දුරකට විහිදිලා තියෙන්නේ. අපි එයාලගේ සෙල්ලම් ගෙවල් අස්සට ගිහින් ඒවා ට උපදෙස් දෙන්න ගියාම එයාල නිකම්ම අපේ රාමුවට කොටු වෙන බව තමයි ඒ ලිපියේ තබුනේ. Photo by Patty Brito on Unsplash ඉතින් මම පුතුට doctor චරිතය දීල, වෙද නලාව කනේ පැළඳ ගන්න හැටි සහ ලෙඩ උන කෙනාගේ පපුව ට ඒක තියල ලප් ඩප් සද්දේ අහන්න කියල කියා දීල පැත්තකට වෙලා හිටිය. doctor ළගට යන්නේ ලෙඩ උනාම කියල එයා දන්නවා. හැබැයි පහුගිය අවුරුද්දේ corona නිසා වැඩිපුර තිබුනේ video call හෝ voice call හරහා doctor appointments. මම හිතන්නේ එයා වෙද නලාව ඇත්තටම පාවිච්චි වෙන හැටි දැකල ඇත්තේ ලගකදී නම් සැරයක් හෝ දෙසැරයක්. ඔන්න ඉතින් එයා පටන් ගත්ත වෙද