Skip to main content

Posts

සිත් ගත් සිනමා රූ: දේවදුත නගරයේ සිට න්‍යාසය දක්වා ~ From City of angels to the Matrix

කුඩා කාලයේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටි බලන නිසා අද වන විට මතකයේ රැඳුණු සුන්දර සිනමා පටි රැසක් තියෙනවා. ඒවායින් ටිකක් ගැන පොඩි සටහනක් තමයි මේ. මේ තියෙන්නේ මම කැමතිම චිත්‍රපටි වල කැමතිම රූප රාමු ටිකක්... Movie : City of Angels චරිත : සෙත් - දේව දුතයෙක් , මැගී - ශල්‍ය වෛද්‍යවරියක් රූප රාමු කතා බහ - සෙත් : ඕක මොන වගේද? මැගී පෙයාර්ස් ගෙඩිය ප්‍රශ්නාත්මකව පෙන්වයි සෙත් : ඒක මොන රහද? විස්තර කරන්න ඒක ..හෙමින්ග්වේ වගේ. මැගී : ඒක හරියට... පෙයාර්ස් රහයි! ඔයා දන්නේ නැද්ද පෙයාර්ස් වල රහ? සෙත් : මම දන්නේ නැහැ ඔයාට පෙයාර්ස් රහ දැනෙන්නේ මොන විදිහටද කියල මැගී : පැණි රහයි...යුෂ සහිතයි...දිවට මෘදු යි, පුංචි කැටිති වගේ තියෙනවා...හරියට නිකම් සීනි රහ වැලි කැට කටේ දිය වෙනවා වගේ *********************************************************************************** Movie : The English Patient  චරිත :  අල්මාශි (හංගේරියානු ජාතික සිටුවරයෙක් සහ සිතියම් තනන්නෙක්) කැතරින් (ඉංග්‍රීසි ජාතික). දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුවක්. රූප රාමු කතා ...

හිස් ජීවිත

මේ ළඟදී මුණු පොතේ මම හොඳ සටහනක් දුටුවෙමි. ඒ 'When you have a problem, FACE it - dont FACEBOOK it' යන්නය. මේ නම් ඇත්තම ඇත්තකි. ගොඩ දෙනා තමන්ගේ හැම මනස්ගාතයක්ම මුණු පොතේ දමති. කොල්ලා තරහ වූ විට විරහ ගීත ෂෙයාර් කරමින් සුජීවගේ නව කතා වල වත් නැති විකාර ස්ටේටස් දමති. 'අනේ ඇයි මම මෙච්චර සංවේදී' , 'මේ ලෝකේ හොඳ මිනිස්සුන්ටමයි දුක වැඩි', 'මට මේ ලෝකෙම එපා වෙලා. අනේ මට කවුරුත් නැහැ', 'මට කවුරුත් එපා. මම තනියම ඉන්නවා' වගේ ස්ටේටස් මුණු පොතේ ඕනෑම මොහොතක කවුරුන් හරි දමා තියෙනවා දක්නට ඇත. මේ ස්ටේටස්, ෆොටෝ එහෙම බැලුවාම නම් පෙනෙන්නේ මේ ලෝකේ මේ අය තරම් අහිංසක අසරණ ගුණ යහපත් අය තවත් නැති බවයි. Losing touch with reality? තමන්ගේ පුද්ගලික ප්‍රශ්න ලෝකෙට කීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා මට නම් නොතේරේ. අනිත් අතට, එහෙත් මොවුන්ගේ සත්‍ය තත්වය දන්නා අයට මේ කතන්දර පිටුපස තව බොහෝ දේ ඇති බව රහසක් නොවේ. කුමක් කරදරයක් වූ විට මුණු පොතේ දමා එය බෙදා ගැනීම එකකි. නමුත් දිගින් දිගටම මේ වාගේ බොළඳ දේවල් දැමීම විහිළුවකි. අනිත් විහිළුව නම් ඒවා දකින අනිත් සමහරක් ද...

Sinhabahu at Nelum pokuna

The day before yesterday I went to see 'Sinhabahu' at Nelum Pokuna theatre, for the first time. I dont mean first time at Nelum pokuna, (which it also was) rather I meant to say, it was the first time I've ever watched a stage play. So how was it? As Fräulein Maria said, Let's start at the very beginning; which is, a very good place to start. Tickets The very beginning, in this case is how I bought the tickets for the show. I don't think they really advertised the show. I just saw the posters while passing Nelum pokuna. So, we went inside, and met with this really helpful guy inside who issues tickets. Tickets were priced 3000/= (main) and 1000/= (gallery). The guy was really nice and took us inside to show us the seats so we could select better. We ended up somewhere close to the front, in the middle section where incredibly, three seats were available. Apparently Nelum pokuna is now a sort of landmark and people just come to see it. I say this bec...

What do girls want?

අසූවේ දශකයේ ඉපදුනා නම්, ගොඩක් අයට මෙන්න මේ සින්දුව හොඳට අහල පුරුදු එකක් වේවි. I come home in the morning light My mother says when you gonna live your life right Oh mother dear we're not the fortunate ones And girls they want to have fun Oh girls just want to have fun The phone rings in the middle of the night My father yells what you gonna do with your life Oh daddy dear you know you're still number one But girls they want to have fun Oh girls just want to have That's all they really want Some fun When the working day is done Girls - they want to have fun Oh girls just want to have fun Some boys take a beautiful girl And hide her away from the rest of the world I want to be the one to walk in the sun Oh girls they want to have fun Oh girls just want to have That's all they really want Some fun When the working day is done Girls - they want to have fun Oh girls just want to have fun, They want to have fun, They want to have fun...  ගායනා කරන්නේ ඒ දව...

ඔසී ඔසී අන්නසී! (හම්මේ යන්තම් දිනා ගත්ත)

ඊයේ මම එම් සී ජී ගිය දෙවෙනි දවස ය. පලවෙනි දවස ගැන මෙතන ලියා ඇත . දවස් දෙකම ලංකාවේ ටීම් එක දිනුව නිසා අපිට දවස් දෙකම අමතක නොවන අත්දැකීම්ය ! (අපි ඉතින් කියන්නේ අපි ගිය නිසා දිනුව කියලාය.) එම් සී ජී කෝච්චියේ යනවා නම් බහින්න ඕනේ 'ජොලිමොන්ට්' කියන නවතුමෙනි. ලංකාව ගහන මැච් එකක් ඇති දවසට ජොලිමොන්ට් යන කෝච්චිය සම්පුර්නෙන්ම වාගේ නිල කහ වර්ණයෙන් දිස්වේ. මෙහෙ කාලගුණ දෙපාර්තුමෙන්තුවත් ලංකාවේ වගේද කියා සිතෙන විදිහට ඊයේ කාලගුනේ සීතල වෙනවා කියල තිබ්බ ත් සිදුවුනේ එකේ අනික් පැත්තය. සීතල වෙයි කියා අපි ජැකට් අනං මනම් ඔක්කොමත් පෙරවාගෙන, සන් ස්ක්‍රීන් කැප් කිසිවක් නැතුව ගිය නමුත් එතන ගිනි අවුවය. කෙසේ වෙතත් සුපුරුදු පරිදි මේ සිටින්නේ මෙල්බන් ද නැතහොත් කොළඹද යයි සිතෙන තරමට ලංකාවේ කට්ටියගෙන් එම් සී ජී පිරී ගොස්ය. සිංහ කොඩි සියයකට එක ඔසී කොඩියක් වාගේ පෙනෙන්නට තිබුණි (අයියෝ පව්). ඔය අස්සේ අල්ලපු රටේ කොඩිද තිබුණු අතර ඒවා වනුනේ ඔසී පිලට වාසි අවස්තාවන් වලදී පමණය. නමුත් මැච් එක ලංකාවේ පැත්තට එන්න පටන් ගත් විට අල්ලපු රටේ අයියලා වාෂ්ප වී තිබුනේ අතිශය පුදුම විදිහටය (සමහර විට මලයාලි මන්තර බලයකින...

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 2

<< පලවෙනි කොටස මෙතනින්   තුන්වෙනි දවස එදා උදෙන්ම අපි නාල කාල පිටත් උනේ  ලෝන්සේස්ටන් කියන පැත්තට යන්න. දැන් ඔය වෙද්දී අපි හිටියේ නැගෙනහිර වෙරළ පැත්තෙනේ. ඒ නවාතැනට සමුදීල අපි දැන් යන ලෝන්සෙස්ටන් තියෙන්නේ උතුරු මැද වගේ. මේ යටින් තියෙන්නේ අතරමැද බල බල ගිය මිදිවතු, චෙරි වතු, ස්ට්‍රෝබෙරි වතු වල එහෙම පින්තුර. ස්ට්‍රෝබෙරි වත්තෙන් රසම රස නැවුම් ස්ට්‍රෝබෙරි ජෑම්, චොකලට් ආලේපිත ස්ට්‍රෝබෙරි ඩ්‍රෝපස්, ස්ට්‍රෝබෙරි සෝස් (අයිස්ක්‍රීම් කද්දී දාගෙන කන්න) එහෙම ගන්නත් අමතක කලේ නැහැ. ඔහොම ෆාම් වලින් ගන්න ජෑම් වල එහෙම සුපර්මාකට් වලින් ගන්න ජෑම් වලට වඩා අලුත් නැවුම් රහක් තියෙනවා. කොහොම හරි මම ඔය ගත්ත ජෑම් බෝතලයක් ලංකාවටත් අරන් ගියා. ස්ට්‍රෝබෙරි වත්තේ එහෙම උනාට මිදී වතුවල නම් මිදි ගන්න බැහැ :D. ඒවායේ තියෙන්නේ වයින්. වයින් ඕනෙනම් මිලදී ගන්න වගේම නොමිලේ රහ බලන්නත් පුළුවනි. ඇත්තටම ලෝන්සෙස්ටන් දැක්කම අපේ නුවර එලිය වගේ කියල මට හිතුනේ. පරණ කොලොනියල් ගොඩනැගිලි වලින් සමන්විත 'Old world charm' තියෙන නගරයක්. එහෙ නවාතැනට ගිහින් මහන්සි හෙම ඇරගෙන අපි ගියේ 'කැටරක්ට් දුර්ගය...

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 1

ටැස්මේනියාව කියන්නේ ඕස්ට්‍රේලියාවේ එක ප්‍රාන්තයක්. ඔස්ට්‍රේලියාවට යටින් අර චුටි දුපතක් තියෙන්නේ. අන්න ඒක. දල වශයෙන් අපේ ලංකාවේ සයිස් එකමයි. මම යාලුවෝ කට්ටියක් එක්ක ටැසී ගියේ දැනට අවුරුද්දකට කලින්. හොඳටම එන්ජෝය් කරපු ට්‍රිප් එකක් කියන්න පුළුවන්. ඇත්තටම ටැසී කියන්නේ හරිම ලස්සන පලාතක්. ස්වභාවික සෞන්දර්යය ට කැමති අයට යන්න හොඳම තැනක්. ඒ ක නිකන් ගමක් වගේ නිසා මිනිස්සුත් හරිම ප්‍රසන්න යි. මෙල්බන් වලට වඩා ටිකක් සීතල වැඩියි. ඒක නිසා යන්න හොඳම කාලේ සමර් ඒක. ඒ කිව්වේ දෙසැම්බර් - ජනවාරි. මේ පහතින් තියෙන්නේ ටැස්මේනියා මැප් එකත් එක්ක අපි ගිය තැන්. රෑ හිටිය තැන් තමයි නම්බර්ස් දාල තියෙන්නේ. Image from Google Maps මෙල්බන් ඉඳන් ටැසී යන්න ක්‍රම දෙකක් තියෙනවා. ෆෙරි එකෙන් (මුහුදෙන්) ප්ලේන් එකෙන්. ෆෙරි එක ගණන් වැඩි නිසා අපි නම් ගියේ ප්ලේන් එකෙන්. අපි ගොඩ බැහැල එයා පෝර්ට් එකෙන්ම කාර් එකක් හයර් කරන් එහෙම්මම නැගෙනහිර පැත්තට ගියා. (1) දාල තියෙන්නේ - බිචිනෝ කියන හරියේ තමයි එදා රෑ. ඊළඟ දවසේ ඒ පැත්තේ ඇවිදලා උතුරු පැත්තට ගියා. රෑ දෙකක් හිටිය ලෝන්සෙස්ටන් වල. ඊට පස්සේ බටහිර පැත්තෙන් ක්ර...