Skip to main content

Posts

What do girls want?

අසූවේ දශකයේ ඉපදුනා නම්, ගොඩක් අයට මෙන්න මේ සින්දුව හොඳට අහල පුරුදු එකක් වේවි. I come home in the morning light My mother says when you gonna live your life right Oh mother dear we're not the fortunate ones And girls they want to have fun Oh girls just want to have fun The phone rings in the middle of the night My father yells what you gonna do with your life Oh daddy dear you know you're still number one But girls they want to have fun Oh girls just want to have That's all they really want Some fun When the working day is done Girls - they want to have fun Oh girls just want to have fun Some boys take a beautiful girl And hide her away from the rest of the world I want to be the one to walk in the sun Oh girls they want to have fun Oh girls just want to have That's all they really want Some fun When the working day is done Girls - they want to have fun Oh girls just want to have fun, They want to have fun, They want to have fun...  ගායනා කරන්නේ ඒ දව...

ඔසී ඔසී අන්නසී! (හම්මේ යන්තම් දිනා ගත්ත)

ඊයේ මම එම් සී ජී ගිය දෙවෙනි දවස ය. පලවෙනි දවස ගැන මෙතන ලියා ඇත . දවස් දෙකම ලංකාවේ ටීම් එක දිනුව නිසා අපිට දවස් දෙකම අමතක නොවන අත්දැකීම්ය ! (අපි ඉතින් කියන්නේ අපි ගිය නිසා දිනුව කියලාය.) එම් සී ජී කෝච්චියේ යනවා නම් බහින්න ඕනේ 'ජොලිමොන්ට්' කියන නවතුමෙනි. ලංකාව ගහන මැච් එකක් ඇති දවසට ජොලිමොන්ට් යන කෝච්චිය සම්පුර්නෙන්ම වාගේ නිල කහ වර්ණයෙන් දිස්වේ. මෙහෙ කාලගුණ දෙපාර්තුමෙන්තුවත් ලංකාවේ වගේද කියා සිතෙන විදිහට ඊයේ කාලගුනේ සීතල වෙනවා කියල තිබ්බ ත් සිදුවුනේ එකේ අනික් පැත්තය. සීතල වෙයි කියා අපි ජැකට් අනං මනම් ඔක්කොමත් පෙරවාගෙන, සන් ස්ක්‍රීන් කැප් කිසිවක් නැතුව ගිය නමුත් එතන ගිනි අවුවය. කෙසේ වෙතත් සුපුරුදු පරිදි මේ සිටින්නේ මෙල්බන් ද නැතහොත් කොළඹද යයි සිතෙන තරමට ලංකාවේ කට්ටියගෙන් එම් සී ජී පිරී ගොස්ය. සිංහ කොඩි සියයකට එක ඔසී කොඩියක් වාගේ පෙනෙන්නට තිබුණි (අයියෝ පව්). ඔය අස්සේ අල්ලපු රටේ කොඩිද තිබුණු අතර ඒවා වනුනේ ඔසී පිලට වාසි අවස්තාවන් වලදී පමණය. නමුත් මැච් එක ලංකාවේ පැත්තට එන්න පටන් ගත් විට අල්ලපු රටේ අයියලා වාෂ්ප වී තිබුනේ අතිශය පුදුම විදිහටය (සමහර විට මලයාලි මන්තර බලයකින...

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 2

<< පලවෙනි කොටස මෙතනින්   තුන්වෙනි දවස එදා උදෙන්ම අපි නාල කාල පිටත් උනේ  ලෝන්සේස්ටන් කියන පැත්තට යන්න. දැන් ඔය වෙද්දී අපි හිටියේ නැගෙනහිර වෙරළ පැත්තෙනේ. ඒ නවාතැනට සමුදීල අපි දැන් යන ලෝන්සෙස්ටන් තියෙන්නේ උතුරු මැද වගේ. මේ යටින් තියෙන්නේ අතරමැද බල බල ගිය මිදිවතු, චෙරි වතු, ස්ට්‍රෝබෙරි වතු වල එහෙම පින්තුර. ස්ට්‍රෝබෙරි වත්තෙන් රසම රස නැවුම් ස්ට්‍රෝබෙරි ජෑම්, චොකලට් ආලේපිත ස්ට්‍රෝබෙරි ඩ්‍රෝපස්, ස්ට්‍රෝබෙරි සෝස් (අයිස්ක්‍රීම් කද්දී දාගෙන කන්න) එහෙම ගන්නත් අමතක කලේ නැහැ. ඔහොම ෆාම් වලින් ගන්න ජෑම් වල එහෙම සුපර්මාකට් වලින් ගන්න ජෑම් වලට වඩා අලුත් නැවුම් රහක් තියෙනවා. කොහොම හරි මම ඔය ගත්ත ජෑම් බෝතලයක් ලංකාවටත් අරන් ගියා. ස්ට්‍රෝබෙරි වත්තේ එහෙම උනාට මිදී වතුවල නම් මිදි ගන්න බැහැ :D. ඒවායේ තියෙන්නේ වයින්. වයින් ඕනෙනම් මිලදී ගන්න වගේම නොමිලේ රහ බලන්නත් පුළුවනි. ඇත්තටම ලෝන්සෙස්ටන් දැක්කම අපේ නුවර එලිය වගේ කියල මට හිතුනේ. පරණ කොලොනියල් ගොඩනැගිලි වලින් සමන්විත 'Old world charm' තියෙන නගරයක්. එහෙ නවාතැනට ගිහින් මහන්සි හෙම ඇරගෙන අපි ගියේ 'කැටරක්ට් දුර්ගය...

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 1

ටැස්මේනියාව කියන්නේ ඕස්ට්‍රේලියාවේ එක ප්‍රාන්තයක්. ඔස්ට්‍රේලියාවට යටින් අර චුටි දුපතක් තියෙන්නේ. අන්න ඒක. දල වශයෙන් අපේ ලංකාවේ සයිස් එකමයි. මම යාලුවෝ කට්ටියක් එක්ක ටැසී ගියේ දැනට අවුරුද්දකට කලින්. හොඳටම එන්ජෝය් කරපු ට්‍රිප් එකක් කියන්න පුළුවන්. ඇත්තටම ටැසී කියන්නේ හරිම ලස්සන පලාතක්. ස්වභාවික සෞන්දර්යය ට කැමති අයට යන්න හොඳම තැනක්. ඒ ක නිකන් ගමක් වගේ නිසා මිනිස්සුත් හරිම ප්‍රසන්න යි. මෙල්බන් වලට වඩා ටිකක් සීතල වැඩියි. ඒක නිසා යන්න හොඳම කාලේ සමර් ඒක. ඒ කිව්වේ දෙසැම්බර් - ජනවාරි. මේ පහතින් තියෙන්නේ ටැස්මේනියා මැප් එකත් එක්ක අපි ගිය තැන්. රෑ හිටිය තැන් තමයි නම්බර්ස් දාල තියෙන්නේ. Image from Google Maps මෙල්බන් ඉඳන් ටැසී යන්න ක්‍රම දෙකක් තියෙනවා. ෆෙරි එකෙන් (මුහුදෙන්) ප්ලේන් එකෙන්. ෆෙරි එක ගණන් වැඩි නිසා අපි නම් ගියේ ප්ලේන් එකෙන්. අපි ගොඩ බැහැල එයා පෝර්ට් එකෙන්ම කාර් එකක් හයර් කරන් එහෙම්මම නැගෙනහිර පැත්තට ගියා. (1) දාල තියෙන්නේ - බිචිනෝ කියන හරියේ තමයි එදා රෑ. ඊළඟ දවසේ ඒ පැත්තේ ඇවිදලා උතුරු පැත්තට ගියා. රෑ දෙකක් හිටිය ලෝන්සෙස්ටන් වල. ඊට පස්සේ බටහිර පැත්තෙන් ක්ර...

SOPA, PIPA ගැන දන්නවද?

SOPA සහ PIPA ගැන ටෙඩ් ටෝක්ස් වල තිබුණු මේ කතාව මම හිතනවා හැමෝටම ප්‍රයෝජනවත් වේවි කියල : http://www.ted.com/talks/defend_our_freedom_to_share_or_why_sopa_is_a_bad_idea.html සම්පුර්නෙන්ම නොවුනත් එහෙන් මෙහෙන් හරි කතාවේ අන්තර්ගතේ සිංහලෙන් දාන්න හිතුව. මුලින්ම පෙන්වන්නේ බ්රුක්ලින් වල තිබුණු පොඩි බේකරියක ගහල තියෙන බෝඩ් එකක්. බෝඩ් එකෙන් කියන්නේ' No longer accepts edible images from outside sources'. ඒ කියන්නේ පොඩි ළමයි එක එක පින්තුර ඇඳන් ආවාම බේකරියෙන් ඒ පින්තුරේ අයිසින් ලේයර් එකක ප්‍රින්ට් කරලා දෙනවලු. බර්ත්ඩේ කේක් වලට එහෙම. ඉතින් පොඩි ළමයි සාමන්යෙන් ආසම කරන්නේ මොනාටද? මිකී මවුස් ල බග්ස් බනීල ඉන්න කාටුන් වලට. ඉතින් මුලින් ළමයි මේවා ඇඳන් ආවත්, පස්සේ බේකරිය මේවා භාරගන්න එක්ක ප්‍රතික්ෂේප කරලා මේ බෝඩ් එක ගැහුවලු. හේතුව මිකී මවුස් අයිති ඩිස්නි ට. බග්ස් බනී අයිති වෝනර් බ්‍රදර්ස් ට. ඉතින් ඒක නිසා පොඩි එකෙක් ඇන්ද මිකී මවුස් ව අය්සින් කේක් එකකට ගහල දෙන එක කොපි රයිට් නීති උල්ලංගනය කිරීමක්. ඉතින් මෙහෙම හැම පොඩි එකෙක්ගේ චිත්‍ර වලට ට කොපිරයිට් නීති බලන්න යන එක බේකරියට කොච්චර වදයක් උ...

1917 - 2012 : මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

ටී එම් ජයරත්න මහත්මයාගේ සින්දුවේ තියෙන්නේ නම් 'සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!' කියල. ඒත් ඈ දැනටමත් අවුරුදු අනූ පහක් ආයු ලබා තියෙන නිසා සියක් ආයු ලබාවි කියල මට සහතිකයි. හරි නම් මේ ලිපිය ලියවෙන්න තිබුනේ ජනවාරි 16 වැනිදා. එදා තමයි ඇගේ උපන් දිනේ තිබුනේ. නමුත් පහු වෙලා හරි මේක ලියවුනා කියල ඈ සතුටු වෙනවා මිසක් මා එක්ක තරහ වෙන එකක් නම් නැහැ... කලින් ඈ ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් හරියටම ඈව මුලින්ම දැක ගත්තේ 1994 අවුරුද්දේ. හරියටම මතක නැති උනත් මැයි මාසේ හරි අප්‍රේල් අග හරි වෙන්න ඕනේ. බොක්ස් ප්ලීට් 3 ගානේ දෙපැත්තට තියාපු අලුත් සුදු ගවුමත් ඇඳන් මම ඈ ළඟ ඉගෙන ගන්න ගියේ ශිෂ්‍යත්වේ සමත් වෙලා 6 වසරට. ඒ අවුරුද්දේ බාලිකා පාසල් වලින් වැඩිම ලකුණු ඕනේ වී තිබුන ඈ ලඟට යන්න.   ලොකු තැනක්, අමාරු වේවි, ආඩම්බර කාරියෝ ඉඳීවි ... ඔහොම දේවල් පුංචි මට සමහරු කලින් කියල තිබුන ඈ ලඟට යනවා කිව්වම. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ. නිල් පාට ගේට්ටුවෙන් ඇතුලට ගිහාම සුදු අරලිය මල් පිරිච්ච ලස්සන හිනාවකින් ඈ මාව පිළිගත්තා. ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ගොඩකුත් ...

මයික්‍රෝ වේව් සරණං ගච්චාමි

කාලෙකින් අද අතිරහ වගයක් කෑවා. කාලෙකින් කිව්වට ගිය සතියෙත් කෑවා තමයි ඉතින්. :D මගේ යාලුවෙක්ගෙ අම්මල ලංකාවේ ඉඳන් නිවාඩුවට එද්දී ගෙනවිත් මට දුන්නු ලොකු කැවුම්, අතිරහ පාර්සලයක් යුනි එකේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා. මගේ වැඩේ ඕකෙන් එකක් දෙකක් හවසට කන එක. අම්ම නම් ගෙදරදී පරණ කැවුම් පුස් කන්න කලින් ෆ්‍රිජ් එකේ දාල පස්සේ ස්ටීම් කරලා දෙනවා. එතකොට අර හයිය ගතිය නැතිවෙලා ගිහින් රහට එනවා ආයේ. ඒත් ඉතින් යුනි එක ඇතුලේ ස්ටීම් කරන්න බැහැනේ. මම කලින් වතාවේ මයික්‍රෝ වේව් එකේ විනාඩියක් විතර දාල බැලුවාම අතිරහ එකේ මැද නිකම් රබර් වෙලා. අපරාදේ දුකේ බැහැ...මම අද අතිරහ උඩට නටන උණු වතුර යන්තම් ඉහල තප්පර 15 විතර මයික්‍රෝ වේව් එකේ දැම්ම. අද නම් හොඳටම ගානට ආව. ම්ම් yummy ! කම්මැලි කමේ එක්ස්පෙරිමෙන්ට්ස් රන් කර කර ඉන්දැද්දී හවසට සීනි නැති කෝපි එකක් එක්ක අතිරහ දෙකම කාල දැම්මාම කම්මැලිකමත් නැති උනා. Sugar high කියන්නේ මේකටද මන්දා! අපේ ගෙදර කොහොමත් සීනි වැඩිය පාවිච්චි කරන්නේ නැති නිසා මට සීනි පොඩ්ඩක් කෑවත් හයි වෙනවා. මුලින්ම මම තුම්මුල්ලේ ඕපන් කැන්ටින් එකෙන් ප්ලේන් ටී එකක් බිව්ව දවස මට අද වගේ මතකයි! අම්මේ...