Pages

Wednesday, November 30, 2011

හිට්ලර් අප හැර ගියේය - අහෝ දුකකි ඉරකි තිතකි!

හිට්ලර් යනු මා සිටිනා විශ්ව විද්‍යාලයේ ප්‍රසිද්ධ පොරකි.
එහෙත් ඔහු කවුද කින්ද මන්ද කියා කවුරුත් දන්නේ නැත. ඔහු පොරක් වන්නේ විශ්ව විද්‍යාලයේ රහස් බාගැනීමේ ජාලයේ ටෙරා බයිට් විසි පහක් පමණ වැඩිම අන්තර්ගතයක් බෙදා ගෙන සිටි නිසාය. සිංහලෙන් කියනවා නම් ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකේ වැඩිම කන්ටෙන්ට් එකක් තිබ්බේ ඔහුගේය.

එය රහස් බාගැනීමේ ජාලයක් වන්නේ බුද්ධිමය දේපල නීති ක්‍රියාත්මක වන මේ රටේ චිත්‍රපටි, රුපවාහිනී කතා මාලා, පරිගණක මෘදුකාංග ආදිය මෙසේ නිකම් බා ගැනීම තහනම් නිසාය. කැම්පස් එකේ ජාල පරිපාලකවරු නට අසු වුනොත් මෙය වැහෙනවාය.
මෙම ජාලය ක්‍රියාත්මක වන්නේ කැම්පස් එක ඇතුලේ පමණි. එසේ හෙයින් මෙයින් වැඩ ගත හැකි වන්නේද විශ්ව විද්‍යාල භූමිය තුල නේවාසිකාගාර වල ඉන්නේ නම් පමණි.

එක දිනක් ගොනු බෙදා ගැනීමට ලොග් වන විට හිට්ලර් අපුරු පණිවුඩයක් හැමෝටම පෙනෙන ලෙසට දමා තිබුණි :
'ෆ්‍රී මුවීස් බාගන්න සිස්ටම් එක මොකද්ද කියල කැම්පස් ලයිබ්රි එකෙන් අහන්න තරම් මොලයක් නැති ගොන් හරකුනේ, කැම්පස් ඇවිල්ල වැඩක් නැහැ. ගෙදෙට්ටම වෙලා හිටු!' - [ 'ඩෝන්ට් බී අ f****** ඉඩියට්' ලෙස සුද්ද සිංහලෙන්ම පටන් ගෙන තිබුණු එහි සැර බාල පරිවර්තනයක් මෙහි දැම්මෙමි :) ]

කෙසේ නමුත් පසු ගිය දිනෙක හිට්ලර් සදහටම අපෙන් වෙන්වී ගියේය.
ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ උපාධිය හමාර කොට ගම රට බලා ගිය නිසාය. ඔහු යන බව කියා මෙසේජ් එකක් දා තිබුණු බැවින් පසු ගිය මාසය තුල කට්ටිය ම හිටු කියා ඔහුගෙන් පුලු පුළුවන් දේ බා ගැනීමේ මහා සංග්‍රාමයේ යෙදුනෝය. මම තුමියගේද හාඩ් ඩිස්ක් කට්ටටම පිරී ඉතිරී ගියේ රටේ නැති චිත්‍රපටි, ටී වී සීරීස් වලිනි.

කිසිදා නොදුටු හිට්ලර්, නුඹට සුභ පතමි! මේ කර ගත් මහා පුණ්‍ය කර්මයෙන් ලබන ආත්මයේදී මහා හාඩ් ඩිස්ක් රාජයෙක් වී උපදීවා යයි පතමි!

Monday, November 28, 2011

නාඳුනනා දෑසක් නිවී නිවී දිලිසුනා මොහොතක්







එක දවසක් හැන්දෑවක කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිළෙන
නිල් පාටින් පායා දිළෙන.....

සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිඳිනා විට
සුළං පොදක් වත් ඇරුනු දොර පියනින්
ආවා නම් සිහිනයේ සුව අරන්
නාඳුනනා දෑසක්
නිවී නිවී දිලිසුනා මොහොතක්

සුහද ආරාධනාවක් අරන්
ඈ ඇවිත් දොරකඩට...
පවන් පොදකට වත් ඉඩක් ආ නොයෙද
අවකාශයම වසාගෙන ඈ සිටිනා විට මා අසල........
ඈ සිටිනා විට මා අසල...

මා අසල ලැගුම්ගනු පෙරාතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුනා
මා තුලම මා නොවන
පිටස්තරයකු සිටිනා වග
ඔබේ.. පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද?
ඔබේ.... පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද? 





ඉස්කෝලේ අටේ, නවයේ පන්තියේදී වගේ ඉන්දෙද්දී ටී වී එකේ ගිය ටිකක් අමුතු කතාවක සින්දුවක් මේක. කතාවේ නම මතක නැහැ. කතාවේදී නම් අතුල අධිකාරි එක්ක පොඩි බබෙකුත් මේකේ කෑල්ලක් කියනවා මම හිතන්නේ...
නිකම්ම මොකක් හරි කතාවක් කියනවට වඩා ටිකක් හිතන්න දෙයක් තියෙන මේ වාගේ සිංදුවල මට හරිම අපුර්වත්වයක් දැනෙනවා.

මෙන්න අහලම බලන්න

Tuesday, November 22, 2011

Why do some people speak in code?

Seriously people.
As far as I am concerned, language is there to communicate. That is, to make people understand you.

Oh I have nothing against people who use acronyms.

No, this is about people who almost tell you something, while looking as if they mean something else, and then say something utterly incomprehensible. And then when asked to explain them selves, they will smile in an infuriating way, and say No, they didn't really mean anything by it.

huh?
didn't really mean anything?
then why did you go to all that length to say it mate?

Moronness overload.



It's no use pretending to be coy, because I can tell when you're lying. Unfortunately, I ain't no Sookie Stackhouse and cannot read your mind. So although I know that you're lying, I don't know why you're lying.

I wish people would just be honest and say what they mean and mean what they say. The world would be a much better place.

PS : Sookie picture from here.

Thursday, November 10, 2011

හාමුදුරුවොන්ගේ බර්ත් ඩේ පාටි එක...

මේ දවස් වල බෞද්ධ ජනතාව ඉන්න හැම රටකම වගේ කටින පින්කම් පැවැත්වෙන කාලේ.

මගේ දැනීමේ හැටියට, කටින පිංකම පැවැත්වෙන්නේ වස් විසීමේ නිමාව සනිටුහන් කරන්නයි.

වස් කාලය කියන්නේ වහින කාලෙනේ. ඉස්සරම බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ, හාමුරුවො ස්ථිර වාසස්ථාන වල පදිංචි වෙලා හිටියේ නැහැලු. ගමින් ගමට පිඬු සිඟා වදිමින්, ගහක් යට වගේ තාවකාලික තැනක තමයි වැඩ ඉඳල තියෙන්නේ. නමුත් ඉතින් මේ විදියට ගස් යට ඉන්න බැහැනේ ධාරානිපාත වැහි වහින කාලෙට. ගංගා උතුරලා පාරවල් කැඩිලා මඩවෙලා යටවෙලා යන නිසා පිඬු සිඟා වදින්නත් බැහැ.
ඉතින් මේ වැහි කාලේ කොහේ හරි ස්ථිර වාසස්තානෙක වැඩ ඉන්න බුදු හාමුදුරුවෝ අවසර දීල තියෙනවා. ඒකට තමයි වස් විසීම කියන්නේ. මෙහෙම වැසි කාලේ චන්ද්‍ර මාස 3 ක් වෙනකන් තිබිල තියෙනවා (ඉන්දියාවේ - සාවත්ති පුර පැත්තේ වෙන්නැති...). මේ මාස 3 ඉවර වුනාට පස්සේ තමයි 'කටින උත්සවය' සමරන්නේ.

ඉතින් ඉන්දියාවේ වස් කාලේ නෙවිනේ අනිත් රටවලට වහින කාලේ. උදාහරනෙකට ඔස්ට්‍රේලියාවට වහින්න පටන් ගත්තේ දැන්. අනිත් එක ඉතින් එකම රටෙත් වහින ඍතුව වෙනස් වෙන්න පුළුවන් තැනින් තැනට. නමුත්, බෞද්ධයෝ ලෝකේ හැම තැනම සම්ප්‍රදායක් වශයෙන් එකම කාලෙට තමයි කටින උත්සවය සමරන්නේ.

ඉතින් පහුගිය සති කීපෙදී ඕස්ට්‍රේලියාවේ කටින උත්සව 2 කට සහභාගී වෙන්න ලැබුන. එකක් නම් ලංකාවේ පන්සලක. ලංකාවේ විදියට තමයි. ඒක පුරුදුයිනේ. ඒක නිසා අනිත් උත්සවේ ගැන ලියන්නම්.

අනිත් කටින පිංකම තිබුනේ තායි පන්සලක. පන්සලක් කිව්වට ඒක ආරණ්‍යය ක්. බෝ ගහක්, පිළිම ගෙයක්, චයිත්‍යය ක් එහෙම නැහැ. මෙල්බන් ඉඳල පැය 1.5 විතර දුරින් - කි මි 100 කට කිට්ටු දුරකින් තියන්නේ. 'බෝධිවන ආරණ්‍යය' තමයි නම. කඳුකර, සෑහෙන්න ජන ශුන්‍ය පැත්තක තියෙන නිසා හරිම නිස්කලංකයි. නිකම් කැළෑ ප්‍රදේශයක් වගේ. ගොඩ දෙනෙක් අහල තියෙන අජන් චා හාමුරුවන්ගේ ගෝල පිරිසකගෙන් පැවත එන ථෙරවාද සම්ප්‍රදායේ ආරණ්‍යය ක්. මෙහෙ ඉන්නේ වනවාසී හාමුදුරුවෝ. ඉතින් ගිහියෝ එක්ක කතාවක්, වැඩි සම්බන්ධයක් නැහැ. නමුත් ඕනේ කෙනෙකුට දවල් දානේ පිළිගන්වන්න පුළුවනි. ලංකාවේ හාමුදුරු කෙනෙක් නම් මම තාමේ මෙහෙ දැකල නැහැ. නමුත් කලින් වැඩ හිටිය කියල අහල තියෙනවා. ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය ජාතික හාමුදුරුවෝ තමයි වැඩියක් දැකල තියෙන්නේ.

මෙන්න බෝධිවන ආරණ්‍යයේ පින්තුර ටිකක්  :

මේ තමයි ඈතින් පන්සල පෙන විදිහ
ධර්ම ශාලාව
පන්සලට එන පාර 
පන්සල ඇතුලේ තියෙන පිළිමේ සහ චුටි විල
මල්...
තව මල්...
සහ තවත් මල් :)
 ඔය පලවෙනි පින්තුරේ පේන කැලෑවෙන් වැහිච්ච කඳු වල තමයි හාමුදුරුවන්ගේ කුටි තියෙන්නේ. ඒ හරියට ගිහියන්ට යන්න අවසර නැහැ. හැබැයි ඔන්න කටිනෙ දවසේ නම්, ගිහියන්ට උපස්ථායකයෙක් එක්ක ගිහින් එක කුටියක් ගිහින් බලල එන්න අවසර ලැබුන.

ඉතින් මේ ආරණ්‍ය පවත්වා ගෙන යන්නේ තායිලන්තේ රජතුමාගේ අනුග්‍රහයෙන්. කටින පින්කමේ බරත් වැඩිපුර අරන් තිබ්බේ එයාල. අපි උදේ 8.30 වගේ වෙද්දී ගියත්, කලින් දා රෑ ඉඳන් ආරණ්‍ය භුමියේ කුඩාරම් ගහගෙන ඒ කටයුතු කරපු තායි, චීන ජාතිකයෝ හිටිය. 2000 කට කිට්ටු පිරිසක් සහභාගී වන නිසා කෑම බීම එතන තියාගෙනම ඉව්වෙත් මෙයාල. හැබැයි එහෙම කියල අපිට උනත් කැමති කෑමක් පිළිගන්වන්න තහනම් නැහැ. තම තමන් ගේන දානේ උදේ 10 ට කලින් පිළියෙළ කරලා තිබ්බ දිග මේස වල තියන්න ඕනේ. බත් ජාති එක තැනකත්, ව්‍යංජන තව තැනකත්, රස කැවිලි වෙනමත්, තේ කෝපී වෙනමත් තියන්න තැන සකසල තිබුන. ඉතින් මේ කටින දවසේ හාමුදුරුවෝ 5 නමක් වගේ තමයි හිටියේ. මිනිස්සු 2000 විතර! හිතන්නකෝ මේ එන සෙනග හැමෝගෙම දානේ පිළිගන්නේ කොහොමද?
ආපු හැමෝටම දානේ බෙදන්න හම්බුනා! මෙහෙමයි - සෙනගට එළිමහනේ පේලි 2 ක් හැදෙන්න කියල හාමුදුරුවෝ මැදින් වැඩියා පාත්තරත් අරන්. අපි හැමෝටම බත් බෙදපු පිඟන් කලින් දීල තිබුනේ. හැමෝම බත් ටික ටික සන්සුන් ගමනින් බිම බලාගෙන වඩින හාමුරුවන්ගේ පාත්තරේට බෙදුව. පිටිපස්සෙන් එනවා ලොකු මුට්ටිය ක් උස්සගත්ත දෙන්නෙක්. පාත්තරේ පිරුනාම බත් ටික ඒකට දානවා. අන්තිමට හාමුදුරුවෝ ඒ ලොකු වළදින් බත් ටිකක් අරන්, ව්‍යන්ජනත් තමන් කැමති විදියට බෙදාගෙන වළඳනවා. ඉතිරි කෑම සේරම අරිනවා ගිහි කට්ටියට කන්න.
ඉතින් අර 5 නම මිනිස්සු 2000 පෝලිමක් මැද්දෙන් වඩින්න කොච්චර වෙලා ගියාද කියල හිතන්නකෝ. අපිට නම් ගානක් නැහැ. අපි ඉතින් දානේ බෙදුවට පස්සේ අයින් වෙන එකනේ. ඒත් අර හාමුදුරුවෝ අව්වේ සෙරෙප්පුවත් නොදා පැයකට වැඩියෙන් කාලේ අරන් හෙමින් හෙමින් ඇවිදගෙන ගිය හැටි! ඒත් මුනුවල තරහක් පෙනුනෙත් නැහැ. අපිට නම් දුක හිතුන, අපි වෙනුවෙන් එයාල මහන්සි වුන නිසා...


කොහොම හරි අන්තිමට ගිහි පිරිසත් කාල ඉවර උනාට පස්සේ දවල් 1 ට විතර කටින චීවරය පිළිගැන්වීමේ උත්සවය තිබුන. මේකෙදි කටින් සිවුර පුජා කලේ තායි රජ පවුලේ නියෝජිතයෙක්. ඊට පස්සේ සිවුරු පිරිකර අරන් ආපු හැමෝටම පුජා කරන්න ඉඩ දුන්න. එතකොට හාමුදුරු පිරිස වේදිකාවක් උඩ අසුන් අරන් ඉන්නේ. කටින සිවුර පිළිගන්න හාමුදුරුවෝ ඒ වෙලාවෙම ඇතුලට ගිහින් ඒක ඇඳන් ආවා. එයාලගේ සම්ප්‍රදායාලු ඒක.

ඉතින් මේ කතාවේ මාතෘකාවට එන්නේ දැනුයි. (හප්පේ ගිය වෙලාව නේද?)
ඔන්න දැන් කටින සිවුර පුජා කලාට පස්සේ අනික් අයත් සෑහෙන්න පිරිකර පුජා කරන්න ගත්ත. මම හිටියේ මගේ අඳුරන අක්කෙක්ගේ චුටි පැන්චියෙකුත් උකුල උඩ තියාගෙන. පැංචි ටිකක් දඟයි. ඉතින් එයාගේ දැඟලිල්ල පොඩ්ඩක් නවත්තන්න මම කිව්වා 'අන්න බබා අර බලන්න අර හාමුදුරුවොන්ට පිරිකර දෙන හැටි' කියල.
'පි - රීකර ? මොකද්ද ඒක?' පැන්චිට ප්‍රශ්නයක්.
'ඒ කිව්වේ හාමුදුරුවොන්ට තෑගි දෙනවා'
'ඕ ප්රෙසේන්ට්ස්!' ඔන්න පැන්චිට තේරුනා.
ටිකක් වෙලා බලන් හිටිය ලස්සනට කහ, රත්තරන් පාට වලින් දිලිහි දිලිහි කට්ටිය පුජා කරන පිරිකර දිහා.
'එතකොට ආන්ටි, අද හාමුදුරුවොන්ගේ බර්ත් ඩේ පාටි එක ද?'

හික්ස්. පොඩි එකාගේ ප්‍රශ්නෙට මොනා කියන්නද? සාධාරණ සිතුවිල්ලක් නේ!
වහින කාලේ ගැන එයාට කියල දෙන්න පටන් ගත්තත්, පොඩි එකා නළල රැලි කරගෙන ඒක තේරුම් ගන්න ට්‍රයි කරන හැටි දැකල මං ටක් ගාල කතාව වෙන පැත්තකට හැරෙව්වා!


Friday, November 4, 2011

Serenity

O Great one, I am but a busy bee, toiling under your shadow...

Photo was taken at the Bodhivana monastery, Warburton VIC.